රක්ෂිතයේ අතරමං වූ තරුණිය දින 5කට පසු හමුවෙයි

සිය මව සමග දර කැඩීමට නුවරඑළිය, ඩන්සිනන් රක්ෂිතයට ගොස් අතුරුදන් වූ 26 හැවිරිදි තරුණිය දින 5කට පසු සොයාගෙන තිබේ.

ඒ නුවරඑළිය, කිකිලියාමාන රක්ෂිතයේ අතරමං වී සිටියදීය.

ඊයේ (09) පස්වරුවේ එම තරුණිය සොයාගත් බව නුවරඑළිය පොලීසිය පැවසීය.

එසේ සොයාගනු ලැබුවේ නුවරඑළිය වත්තපහළ කොටසේ පදිංචි ජෙයබාලන් කර්පුගධාරණි නැමති තරුණියකි.

නුවරඑළිය යුද හමුදා කඳවුරේ නිලධාරින් සහ ශාන්තිපුර ප්‍රදේශවාසින් නුවරඑළිය කිකිලියාමාන රක්ෂිතයේ ඊයේ දවස පුරා සිදුකළ මෙහෙයුමකදී එම තරුණිය රක්ෂිතය තුළ කැගසමින් සිටියදී සොයාගෙන ඇත.

දින ගණනාවක් ආහාර නොමැතිව සිටි බැවින් එම තරුණිය තරමක් දුර්වල සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවී ඇත.

අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 6ක් පමණ දුර එම තරුණිය රක්ෂිතය තුළ විවිධ මාර්ග ඔස්සේ ගමන් කරමින් මාර්ගය සොයා ඇති බවද අනාවරණය වී තිබේ.

පෙර පුවත – දර කැඩීමට රක්ෂිතයට ගිය 25 හැවිරිදි තරුණියක් අතුරුදහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15
Video thumbnail
මහින්ද රටේ සිම්බල් එකක් වගේ..මනෝජ් ගමගේට යකා නගියි ? මහ සෙනඟ එන එක අපිට නවත්තන්න බෑ..
03:19
Video thumbnail
අද මිනිස්සු ආවේ අපි කියලා නෙවෙයි..කපිල දිවුරුම් ප්‍රකාශය නොදුන්නානම් අද මහින්දට මොනවා වෙයිද ?
06:40
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20