spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රංජන් හතර වනදා ශාස්ත්‍රවේදී උපාධි පරීක්ෂණයට ඉඳගනී

මේ වන විට රක්ෂිත බන්ධනාගාරව පසුවන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාවේ ප්‍රථම වසර අවසාන පරීක්ෂණයට ලබන මස 04 වනදා සහභාගි වන බවට තොරතුරු වාර්තා වනවා.

ඔහු බන්ධනාගර ගත වීමෙන් පසු විවෘත විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී තරුණ කටයුතු හා ප්‍රජා සංවර්ධන උපාධි පාඨමාලාව හැදැරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ඒ සදහා අවශ්‍ය අනුමැතිය ලබාදී අවශ්‍ය පහසුකම් සලසා දුන් බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නීතිරීතිවලට අනුකූලව නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ රංජන් රාමනායක විභාගයට සහභාගි කරවීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇති බවයි න්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
88
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?