spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රංජන් සිපිරිගෙයින් එළියට එයි ද ?

අද දිනයට යෙදී ඇති පින්බර වෙසක් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් සිරගතව සිටින සිරකරුවන් දෙසිය හතලිස් හතර දෙනෙකු විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාට එම බලතල ලැබී තිබෙනවා.

හේතු කාරණා කෙසේ වෙතත් සාමාන්‍ය ජනතාවගේ සහ කලාකරුවන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබෙනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනප්‍රිය රංගන ශිල්පියෙකු වූ රන්ජන් රාමනායක මහතාගේ නමත් ඒ අතර තිබේද යන්නයි.

ඔහුව නිදහස් කරන ලෙසට ඉල්ලා පසුගිය කාලය තුල බොහෝ ඉල්ලීම්ද ඉදිරිපත් වුණා.

නමුත් තවමත් මෙම ලැයිස්තුවට රංජන් රාමනායකගේ නම ඇතුළත්ව ඇත්දැයි මෙතෙක් තහවුරු වී නොමැති අතර මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුව නිදහස් කරනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුවද එය එසේ ඉටුවුනේ නම් නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?