spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රංජනගම වැවේ නාඳුනන මළ සිරුරක්

වීරඹුගෙදර, රංජනගමුව ප්‍රදේශයේ රංජනගම වැවේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත වීරඹුගෙදර පොලිසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා උඩුකය කළු පැහැති කමිසයක් ඊට යටින් සුදු පැහැති බැනියමක් සහ යටිකයට සුදු පැහැති කලිසමක් ඇඳ සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එය මේ වන විට කුරුණෑගල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?