රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට

ප්‍රවීන රංගන ශිල්පිනී සේමිණී ඉද්දමල්ගොඩ වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචා සම්බන්ධයෙන් නිකුත් කර තිබූ වරෙන්තු කිහිපයකට අදාළව ඇය අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය සඳහන් කළා.

තංගල්ල, මාතර සහ කොළඹ යන අධිකරණවලින් අදාළ වරෙන්තු නිකුත් කර ඇති බව සඳහන්.

වැලිකඩ පොලීසිය විසින් ඊයේ (10) රාත්‍රී අත්අඩංගුවට ගත් ඇය අද (11) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.