යෝෂිත සහ ඩේසි ආච්චිගේ නඩුව යළි කැඳවීමට දින නියම වෙයි

වසර හතරක කාලයක් තුළ දී නීති විරෝධී ක්‍රියාකාරකම්වලින් උපයාගත් රුපියක් ලක්ෂ 596ක් වටිමනාමකින් යුත් මුදල් සහ දේපලවල හිමිකාරිත්වය දැරීම යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔවුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට්ට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති ආණ්ඩුව ලබන ලබන දෙසැම්බර් 10 යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා අද (29) නියෝග කළා.

එම නඩුවේ පැමිණිල්ල විසින් විත්තියට ලබා දිය යුතු ලේඛන අතරින් සමහර ලේඛන මේ දක්වා ලැබී නොමැති බව පළමුවන විත්තිකාර යෝශිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණයට දැනුම් දුන්නා.

එකී ලේඛන සියල්ල ලැබීමෙන් පසුව පැමිණිල්ල විසින් තමා වෙත ඉදිරිපත්කර ඇති යෝජිත සලකා බැලීම් 104 සම්බන්ධයෙන් සලකා බලා එම 104 අතරින් කුමන යෝජිත පිළිගැනීම් පිළිගන්නේ දැයි ඉදිරියේදී අධිකරණය වෙත දැනුම් දෙන බවද ජනාධිපති නීතිඥ සමන් මෙන්ඩිස් එහිදී අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව එම නඩුව ලබන දෙසැම්බර් 10 වැනිදා යළි කැඳවීමට විනිසුරුවරයා දින නියම කළා.

2009.03.31 සහ 2013.12.12 අතර කාලයේදී කොළඹ දී සහ තංගල්ලේ දී එලෙස උපයා ගත් ආකාරය අනාවරණය කළ නොහැකි රුපියල් ලක්ෂ පන්සීය අනූ හයක් වටිනා මුදල් සහ දේපළ සංතකයේ තබා ගනිමින් මුදල් විශුද්ධිකරණය වැළක්වීමේ පනත යටතේ සහ ලංකා දන්ධ නීති සංග්‍රහය යතතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා කරමින් අධි චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43