යෝෂිත අත්අඩංගුවට ගැනීම ගැන අල්ලස් කොමිසමෙන් නිවේදනයක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසම විසින් අද (17) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ප්‍රකාශකයක් ලබා දීම සඳහා ඔහු අල්ලස් කොමිසමට පැමිණි අවස්ථාවේ දී යි.

මේ අතර යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

2006 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශය සඳහා ශිෂ්‍ය භට නිලධාරීන් බඳවා ගැනීමේ දී, බඳවා ගැනීම් සඳහා නියමිත සුදුසුකම් සපුරා නොමැතිව, විධායක අංශයේ ශිෂ්‍ය හට නිලධාරියෙකු වශයෙන් බැඳීම සහ එතෙක් පැවති ක්‍රම වේදයට පරිබාහිරව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් වැය කර සහභාගීවීමට අවස්ථාව සලසා ගැනීම තුළින් දූෂණ වරදට ආධාර අනුබල දීම යන චෝදනාව මත නාවික හමුදාවේ හිටපු නාවික හමුදා නිලධාරියෙක් වූ යෝෂිත කණිෂ්ක රාජපක්ෂව අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බව එම නිවේදනයේ සඳහන් වුණා.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි අල්ලස් කොමිසම විසින් නිකුත් කර තිබෙන එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39