යෝෂිතගේ හෙංචයියන්ට ඇප

කොම්පඤ්ඤ වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග පැමිණ සිටියදී බහින් බස්වීමක් දුරදිග ගොස් එහි රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා අද (01) ඇප මත මුදා හරින ලෙස කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය නියෝග කර තිබෙනවා.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට සැකකරුවන් භාරවීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර අද සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා යොමු කෙරුණා.

කොටුව මහේස්ත්‍රාත්වරියගේ ආරාධනයෙන් නිල නොලත් මහේස්ත්‍රාත් කිංස්ලි හෙට්ටිආරච්චිගේ ප්‍රධානත්වයෙන් පෙරට්ටුව පැවැති අතර එහිදී රුපියල් ලක්ෂ දෙකක් ශරීර ඇප මත ඔවුන් මුදා හැරුණා.

මෙම සිද්ධිය සිදුවී කාලයක් ගතව තිබීම හේතුවෙන් ඔවුන් අප මත මුදා හරින ලෙස නීතිඥවරුන් සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරේ ඔවුන් අප මත මුදාහැර ලෙස නියෝග කරනු ලැබුවා.

පසුගිය දා ඇති වූ එම ගැටුම සම්බන්ධයෙන් ඉකුත් 25 වනදා යෝෂිත රාජපක්ෂ පැය 3කට ආසන්න කාලයක් කොම්පඤ්ඤ වීදිය පොලීසිය හමුවේ ප්‍රකාශයක් ලබාදෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31