යෝෂිතගේ නයිට් ක්ලබ් හුටපටයේ අතින් පයින් සද්ද දැමූ හෙංචයියෝ රිමාන්ඩ්

පසුගිය 20 වැනිදා රාත්‍රි කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවකදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඔහුගේ බිරිඳ සමග පැමිණ සිටියදී බහින්බස්වීමක් දුරදිග ගොස් එහි රාජකාරියේ යෙදී සිටි ආරක්ෂක නිලධාරියකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව් දෙනකු ලබන 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටත් ලබන 01 වැනිදා හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මෙනවිය ඊයේ (27දා) නියෝග කළා.

එම සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් යටතේ ඇප මත මුදාහරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහෙස්ත්‍රාත්වරිය එම සැකකරුවන් හතර දෙනා ලබන 01 වැනිදා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළා.

යෝෂිත රාජපක්ෂ මහතාගේ සගයන් යැයි කියන එම සැකකරුවන් සිව්දෙනා ප්‍රකාශ ලබාදීමට පසුගිය 26 වැනිදා පැමිණි අවස්ථාවේදී ප්‍රකාශ සටහන් කළ කොම්පඤ්ඤ වීදිය පොලිසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගෙන කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට භාර දී තිබුණා.

යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිඳ එකී සැකකරුවන් ඇතුළු තවත් පිරිසක් සමග එම සමාජ ශාලාවට ගොස් ඇති බවත් හඳුනා ගැනීමේ අත්පලඳනා පැළඳ ඇතුල්වන ලෙස පහරකෑමට ලක් වූ ආරක්ෂක නිලධාරියා යෝෂිත රාජපක්ෂ මහතාට සහ ඔහුගේ බිරිඳට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ දී එකී සැකකරුවන් එම ආරක්ෂක නිලධාරියාට පහර දී ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පැවසුවා.

ඒ සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලිසිය යෝෂිත රාජපක්ෂ මහතාගෙන් හා ඔහුගේ බිරිඳගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14