යෝෂිතගේ නඩුව සැප්තැම්බර් 22 කැඳවීමට නියෝග

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් අයථා ලෙස උපයාගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවක් යළි සැප්තැම්බර් මස 22 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළා.

අද (28) ඒ නඩු කොළඹ මහාධිකරණය හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුවන් අධිකරණයේ පෙනී සිටියා.

එහිදී යෝෂිත රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ සාක්ෂියක් ලෙස වෝහාරික විගණන වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර, එම විගණන වාර්තාව සකස් කිරීම සඳහා ඊමේල් පණිවුඩ අඩංගු සීඩී තැටි 26ක්, පෙන්ඩ්‍රයිව් 08ක්, හාඩ්ඩ්‍රයිව් 01ක්, ලැප්ටොප් 01ක් සහ CPU එකක් සම්බන්ධයෙන් ප්‍රවේශ වී පරීක්ෂා කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට තමන් විරුද්ධ නොවන බව රජයේ නීතිඥවරයා සඳහන් කළා.

ඒ, අනුව අදාළ පැමිණිල්ල නැවතත් සැප්තැම්බර් මස 22 වැනිදා කැඳවීමට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරනු ලැබුවා.

රුපියල් මිලියන 73කට ආසන්න වත්කම් හා දේපල අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින්, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට විරුද්ධව නීතිපතිවරයා විසින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.11
00:00
Video thumbnail
පාසල් සිසුන් දෙදෙනෙකු එළොව යැවූ අත්බෝම්බ ප්‍ර#රය - "කෑගහන සද්දයට තමයි අපි දුවගෙන ආවේ"
03:04
Video thumbnail
අගමැතිනියත් සංවේදී වූ මොහොත - "ඉස්සර වගේ ෆිල්ම් බලන්න යන්න බැරිවීම ගැන දුකයි"
02:11
Video thumbnail
පොහොට්ටුවේ රැළියට සූදානම් වන අනුරාධපුරය - කට්ටිය බරටම වැඩ
00:19
Video thumbnail
මතුගම රෝහලේ කෙරුවාව හෙළිවෙයි ?තුවාලයේ බැන්ඩේජ් එක ගලවලා හෝදගෙන ගේන්නලු
02:25
Video thumbnail
මෛත්‍රිපාලගේ ජන්ම දිනය වෙනුවෙන් සෙත් පතා බෝධි පූජා පින්කමක්
01:06
Video thumbnail
බෝට්ටුවේ නැගලා ගැම්මට රවුමක් ගිය හඳුන්නෙත්ති
01:04
Video thumbnail
අදත් අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
00:37
Video thumbnail
මොණරාගල අවට ප්‍රදේශවලට ඇදහැලුණු මහ වැස්ස
01:32
Video thumbnail
අනවසර වෙළෙඳසැල් කඩා දැමීමේදී මිනිස්සු යකා නටයි.
01:33