යොහානි NDTV එකට ගිහින් කල සම්පුර්ණ කතාව

යොහානි ද සිල්වා විසින් ප්‍රතිගායනා කරන ලද “මැණිකේ මගේ හිතේ” ගීතය ඉන්දියාවේ අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්ව තිබේ.

ඇය ඉන්දියාවේ රසිකයින් අතර ලබා ඇති ජනප්‍රියත්වය සැලකිල්ලට ගෙන එරට ජනප්‍රිය රූපවාහිනී නාලිකාවක් වන NDTV නාලිකාව ඇය විශේෂ වැඩසටහනකට සම්බන්ධ කර ගැනිණි.

NDTV නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලාංකික ගායන ශිල්පිනී යොහානි දිලෝකා ද සිල්වා සඳහන් කළේ, ඇය බොලිවුඩ් සංගීතයේ රසිකාවියක බවය.

බොලිවුඩ් නිළියක වන ප්‍රියංකා චොප්රා ද සිය ගීතයට ශුභවාදී ප්‍රතිචාර දැක් වූ බවත්, ඒ පිළිබඳව තමන් ඉමහත් සතුටට පත්වූ බවත් යොහානි එම සාකච්ඡාවේදී පැවසීය.

ඇයගේ අනාගත සැලසුම් පිළිබඳව විමසීමේදී ඇය සඳහන් කළේ, යොහානි ගීත 12කින් සමන්විත ඇල්බමයක් නිර්මාණය කරමින් සිටින බවය.

මධුරි ඩික්සිට්, අමිතාබ් බච්චන් සහ ටයිගර් ෂ්රොෆ් යන ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පීන් ද ඇයගේ “මැණිකේ මගේ හිතේ ගීතය” සමාජ මාධ්‍ය තුළ පළ කර තිබිණි.

මේ වන විට ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ මෙම ගීතයට නැරඹුම් වාර මිලියන 114ක් ඉක්මවා ඇත.

ඇය NDTV නාලිකාවේ සම්මුඛ සාකච්ඡාවකට එක්වු විඩියෝව පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38