යොහානි තවත් වාර්තාවක් තබමින් අද ඉන්දීය ප්‍රසංග වේදිකාවට පිවිසෙයි

යොහානිගේ ‘‘මැණිකේ මගේ‘‘ අද නවදිල්ලියේකෝටි 12 කට අධික ලොව පුරා සංගීත ශ්‍රාවකයන් උන්මාදයෙන් නැටවඋ යොවුන් පුර හඳ අද (30) නවදිල්ලි නුවර ආසන්නයේ පිහිටි ධනකුවේරයන් වෙසෙන ගුරුග්‍රෑම් අහසේ බැබලෙනු ඇත.

ඒ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය ගායනා කොට සයිබර් අවකාශය හරහා දැනටමත් කෝටි 12 කට අධික සංගීත ශ්‍රාවකයන් පිරිසක් උන්මාදයට පත් කළ යොවුන් ගායිකා යොහානි ද සිල්වා මෙනෙවියගේ ප්‍රථම ඉන්දීය සංගීත සංදර්ශනය ආරම්භවීම හේතුවෙනි.ශ්‍රී ලාංකික ගායිකාවක් ඉන්දීය ප්‍රේක්ෂකයන් ඉදිරියේ සංගීත සංදර්ශනයක් පවත්වන ප්‍රථම අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වෙයි.ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයන් එක රැයකින් අති ක්‍රමණය කොට ජාත්‍යන්තර වේදිකාවක සංගීත රසිකයන්ට ආමන්ත්‍රණය කිරීම සඳහා ඇයට කිසිම වෙහෙසක් දරන්නට සිදු නොවීම ආශ්චර්යයක් ලෙසට විචාරකයෝ හඳුන්වති.

ඇගේ සංගීත කණ්ඩායම නවදෙනකුගෙන් යුත් තාරුණ්‍යයේ සුපිපි තරු නව දෙනෙක් අයත් වෙති.සංගීත අධ්‍යක්ෂණය චමත් සංගිත්, ගේය පද රචනා දුලාන් ඒ.ආර්.එස්. සහ රැප් ගායක සතිශාන් රත්නායක සහ යොහානි ඇතුළු තවත් 5 දෙනෙකි.යොහානි දිලෝකා ද සිල්වා සංගීත සංදර්ශනය පවත්වන ගුරුග්‍රෑම් නගරයට පැමිණෙන සංගීත රසිකයන් පිරිස අති විශාල වනු ඇති බවට සංවිධායකයෝ විශ්වාස කරති.දැනටමත් ඉන්දීය සංගීත ක්ෂේත්‍රයේ අති දැවැන්තයෙකු ඒ.ආර්. රහුමාන්ගේ ගීතයක් අභිබවා යූටියුබ් නාලිකාවේ 6 වැනි ස්ථානයට යොහානි සිල්වාගේ ‘මැණිකේ මගේ හිතේ’ ගීතය පැමිණ තිබේ.මෙම සංගීත ප්‍රසංගය අද (30) දින සවස 6 ට පැවැත්වීමට නියමිත අතර මේ සඳහා අවශ්‍යවන ප්‍රචාරක කටයුතු රූපවාහිනී, පුවත්පත් දැන්වීම්, ටිකට්පත් අලෙවිය වැනි කටයුතු භාරදී තිබෙන්නේ එම කටයුතු පිළිබඳ හසල දැනුමක් ඇති ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වූ බුක්මයි ෂෝ නමැති සමාගමය.බොලිවුඩ්හි තරු ඇතුළු ඉන්දීය සිනමාවේ දැවැන්තයන් සංගීත ශිල්පීන් ඇතුළු විද්වතුන් විශාල පිරිසක් මෙම සංගීත සංදර්ශනය නැරඹීම සඳහා පැමිණෙනු ඇතැයි සංවිධායකන් අදහස් පළකරති.ඉන්දියාවේ ප්‍රධාන නගරයට කිට්ටුවෙන් පිහිටි හයිද්‍රාබාද්හිදී ඔක්තෝබර් 3 සවස 6 ට ඊළඟ සංගීත සංදර්ශනය පැවැත්වෙනු ඇත.

මෙම සංගීත සංදර්ශනවලින් පසුව යොහානි ගේ අනාගතය කුමන අතකට පෙරළේද යන්න විශ්වාස කළ නොහැකි තරමට භාරතයේ සංගීත ශ්‍රාවකයෝ උන්මාදයට පත්වී සිටිති.විශාල සමාගම් ඇය වෙනුවෙන් ඉදිරියට පැමිණ ඇති අතර දැනටමත් ලෝකයේ රටවලින් ඇයට ඉල්ලීම් ගලා එන අතර වැඩි වශයෙන්ම ඒවා කළමනාකරණය කර හොඳ ප්‍රමිතියෙන් යුතුව සඳහා ඇය ඒවා කළමනාකරණය කිරීම ඉන්දියාවේ තවත් ප්‍රකට සමාගමකට පවරා තිබේ.ඇයගේ සංගීත ප්‍රසංගය වෙනුවෙන් ආකර්ශනීය පෝස්ටරයක් නිර්මාණය කර ඇත.යොහානි පසුගිය මානුෂික මෙහෙයුමේදී 55 වන සේනාංකයට අණදුන් මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වාගේ වැඩිමහල් දියණිය වේ.ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ උපාධිධාරිණියකි. ඕස්ට්‍රේලියානු සරසවියක ශාස්ත්‍රපති උපාධියද හිමිකරගෙන සිටින්නීය.

ජාත්‍යන්තර සංගීත වංශයේ ශ්‍රී ලාංකේය පරිච්ඡේදය ලියන්න යන Yohani ඔබට අපේ සුබ පැතුම්!

  1. ලංකාවෙ ඉන්න කුහක කලාකාරයන්ට මේව හොද පාඩම් ..මේ දරුවො රටට ආඩම්බරයක්. ලංකාවෙ ගායක ගායිකාවො එකාට එකා නෑ.තමන්ගෙ සින්දු කිව්වොත් නඩුදාන අය ඉන්නෙ. උන් සුභ පැතුවෙ නැතිවට ඇය ඇගේ ගමන යාවී….සුභ පැතුම්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් කලිසමට අත්දෙක දාගෙන ගැම්මට එන හැටි - UNP කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වෙයි
02:54
Video thumbnail
සූරුවෙලා යාල කැලේ මැද සිංදු දාගෙන නටපු වනජීවී නිලධාරින්
00:43
Video thumbnail
කාදිනල් හිමි හමුවීමට අධිකරණ ඇමති සහ ඇමති නලින්ද ගිය හැටි
00:59
Video thumbnail
අපේ ජනාධිපතිතුමාගේ ආර්යාව බිම ඉඳගෙන බණ අහන හැටි
00:40
Video thumbnail
පොහොට්ටුවේ සාගරට වැඩ වරදියි ? ප්‍රකාශයේ සංස්කරණය නොකළ දර්ශන පොලිසියට ලබාදෙන ලෙස නියෝග
02:26
Video thumbnail
අර්චුනා පාර්ලිමේන්තුව යුද පිටියක් කරයි - මම ආණ්ඩුවට අත දික් කරලා නෑ..ලාල්කාන්ත මොකක්ද සෙල්ලම ?
05:23
Video thumbnail
අර්චුනාට නහුතෙටම තදවෙයි - ඇයි අපිට කරදර කරන්නේ..මොකක්ද මේ මූලාසනයේ ඉදලා කරන වැඩ
02:23
Video thumbnail
කාදිනල් හිමි හමුවී හර්ෂණ, නලින්ද කිව්ව දේ - "මම ප්‍රතිචාර දෙන්නේ නෑ ඔයාගේ ප්‍රශ්නයට"
13:22
Video thumbnail
පද්මන් සූරසේන පාර්ලිමේන්තුවට ගෙනත් අධිකරණ ඇමති කරන්න - බන්ධනාගාරයත් බලයි
11:47
Video thumbnail
නැව් 19යෙම ගෙනාවේ බාල ගල් අඟුරු..අරහේ මෙහෙ අතගාන්න එන්න එපා - මරික්කාර් රිදෙන්න දෙයි
06:06