spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යොහානි අපේ සිංදු වලින් අනවසරෙන් හම්බකර ගත්තා..! – ඉරාජ් හෙළිකරයි

මෑතකාලීනව ඉතාමත් ජනප්‍රිය වූ තරුණ ගායිකාවක් වන යොහානි විසින් තමන්ගේ ගීත අවසරයකින් තොරව භාවිතා කර ඇති බවට ජනප්‍රිය සංගීත ශිල්පියෙකු වන ඉරාජ් වීරරත්න පවසනවා.

ඒ කොණාර යූටියුබ් නාලිකාව සමඟ සංවාදයකට එක් වෙමින්.

තමන්ගේ සංගීත දිවිය අරඹන ගායන ශිල්පියෙකු තමන්ගේ ගීත භාවිතා ක‍රන විට තමන් ඊට කිසිසේත්ම විරුද්ධ නොවන බවත් එලෙසම යොහානි ද මුල් කාලයේ තමන්ගේ ගීත භාවිතා කරන විට තමන් ඊට ඉඩ දුන් බවත් ඉරාජ් පවසනවා. නමුත් ඉන් පසුව ඇයගේ ක්‍රියාකාරකම් සීමාව ඉක්මවා ගිය බවයි ඔහු පෙන්වා දෙන්නේ.

“එයා මුල් කාලෙ ආවෙ කොහොමද? පානා සෙනෙහස, නින්ද නොයන හැන්දෑවේ වගේ මම රනිඳු එක්ක හදපු සිංදු ගණනාවක් කියලා. ඊට පස්සේ සංගීත ප්‍රසංග වල කිව්වා. පස්සෙ ඩුබායි වල වගේ සංගීත ප්‍රසංගත් කළා. ඒවටත් ඩොලර් 1000, 2000 වගේ හම්බෙනවා ශෝ එකකට. ඒවල ගායනා කළෙත් වැඩිපුරම අපේ සිංදු. මං ඒවට මුකුත් කිව්වෙ නෑ.

ඒත් එක තැනකදි එයා සීමාව ඉක්මවලා ගියා. අපේ සිංදු Spotify, iTunes වල දැම්මා. දැන් ඔයා මට ආරාධනා කරනවා මම හැදෙනකල් ඔයාගෙ ගෙදර ඉන්න කියලා. මම ගෙදර ඇවිත් ඒ ගෙදර අයිතිවාසිකම් ඉල්ලුවොත් මොකද වෙන්නේ? මම රනිඳුටත් කිව්වා එයා නොදැනුවත්කමින් කරන්න ඇත්තේ කියලා. ඒත් එතනදි ගැටලුවක් ආපු නිසා මම එයාට පැහැදිලි කරලා දුන්නා ඒ වැඩේ හරිනැති බව.” යැයි ඔහු පවසනවා.

Discussion with Iraj Weerarathne about Yohani De Silva
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?