යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේදී

කෝටි 11කට වැඩි යූ ටියුබ් නැරඹුම් වාර හිමි ‘මැණිකේ මගේ හිතේ’ ප්‍රති නිර්මාණ ගීතය ගැයීම නිසා ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයකම අතිශය ජනප්‍රිය වූ මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානි ද සිල්වාට ප්‍රසංග දෙකක් ඉන්දියාවේ පැවත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ලබන 30 වැනිදා සහ ඔක්තෝබර් 3 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලියේ ගුරුග්‍රෑම් සහ හයිද්‍රාබාද්හි තම සංගීත ප්‍රසංගයක් පැවැත්වෙන බව තමයි කියන්නේ. ඒ සඳහා යොහානි කැමැත්ත පළ කර තිබෙනවා. 

30 වැනිදා ගුරුග්‍රෑම් හී ස්ටූඩියෝ එක්ස් ඔ හිදීත් , ඔක්තෝබර් 03 වැනිදා හයිද්‍රාබාද්හී හාට් කප් අවහන්හලේදී මෙම සංගීත ප්‍රසංග දෙක පැවත්වෙන බව තමයි සඳහන් වන්නේ. ඉන්දියාවේ ප්‍රසංගයක් පැවැත්වීමට තමාට අවශ්‍ය වූ බවත් , අවසානයේ එය සිදු වූවා යැයි තමාට විශ්වාස කළ නොහැකි බවත් යොහානි තම ෆේස් බුක් පිටුවේ සඳහන් කර තිබෙනවා.

242377806 847324355960960 1804029188099060784 n
  1. වාසනාවන්තයි ඔබ.
    හැමදාම රට රට කියල ඉවසන්න බැහැ. අවස්තාව දෙන රටට යන්න. හොඳ අනාගතයක් පතනව ඔබට.

    දේශපාලකයො විනාස කරපු, මොළ කුරුවල් උන එක තැන පල් වෙන රටක අනාගතයක් නෑ. ඔබට සුභම සුභ අනාගතයක්.
    ❤️❤️❤️❤️