යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් ගෙන්වන්න අනුමැතිය

ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් පෞද්ගලික අංශයේ සමාගම් හා තරගකාරී අයුරින් 2023/24 මහ කන්නයේ සිට පොහොර ආනයනය කර ගොවීන් වෙත අලෙවි කිරීම සඳහා 2023-07-17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී තිබුණා.

ඒ, අනුව ඉදිරි කන්නය සඳහා විවෘත වෙළෙඳපොළ තුළ සෘජු හා මිශ්‍ර පොහොර ලෙස අලෙවි කිරීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින්, යූරියා මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් ආනයනය කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (26) රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.