යූරියා මිලදී ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 55ක ණයක්

යූරියා පොහොර මිලදීගැනීම සඳහා ඉන්දීය අපනයන ආනයන බැංකුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක ණයක් ලබාගැනීමට ඊයේ (06) රැස් වූ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අද (07) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අනාවරණය වුණා.

ඒ, අනුව 2022/23 මහ කන්නය සඳහා අවශ්‍ය යූරියා පොහොර එම ණය මුදල යොදාගෙන ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.