යූරියා පොහොර මිල තවත් අඩුවෙයි (වීඩියෝ)

තව සති දෙකක් ඇතුලත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම යූරියාවල මිල රුපියල් 500ක් හෝ ඊට ආසන්න ගණනකින් අඩු වනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ආරම්භ වූ යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ගොවීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙවර තුන්වන කන්නයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කුඹුර සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු නොකර වෙනත් වගාවන්වලට යොමු වීමට ගොවීන් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

පැමිණෙන යූරියා නැවෙන් එන පොහොර ගොවීන්ට අඩු මිලට ලබාදෙන අතර බණ්ඩි පොහොර ද තරගකාරී මිලකට ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහි මිල අඩුවීමක් මිස රුපියලක හෝ වැඩි වීමක් නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

හෙක්ටයාර් භාගයකට වැඩි භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට යූරියා හොන්ඩරයක් නොමිලේ ලබාදෙන අතර එම කටයුතු දැනටමත් ආර්මභ කර ඇතැයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 40000ක් ලබාදෙන අතර ඒ යටතේ සමස්ත ගොවීන්ට හිමිවන මුදල රුපියල් මිලියන 1000කට අධිකයි.

https://www.youtube.com/watch?v=dnHC8wBVSJ0


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26