spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යූරියා පොහොර මිල තවත් අඩුවෙයි (වීඩියෝ)

තව සති දෙකක් ඇතුලත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බව කෘෂිකාර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එම යූරියාවල මිල රුපියල් 500ක් හෝ ඊට ආසන්න ගණනකින් අඩු වනු ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ආරම්භ වූ යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ගොවීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙවර තුන්වන කන්නයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

කුඹුර සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු නොකර වෙනත් වගාවන්වලට යොමු වීමට ගොවීන් කටයුතු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

පැමිණෙන යූරියා නැවෙන් එන පොහොර ගොවීන්ට අඩු මිලට ලබාදෙන අතර බණ්ඩි පොහොර ද තරගකාරී මිලකට ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එහි මිල අඩුවීමක් මිස රුපියලක හෝ වැඩි වීමක් නොවන බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

හෙක්ටයාර් භාගයකට වැඩි භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට යූරියා හොන්ඩරයක් නොමිලේ ලබාදෙන අතර එම කටයුතු දැනටමත් ආර්මභ කර ඇතැයි මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 40000ක් ලබාදෙන අතර ඒ යටතේ සමස්ත ගොවීන්ට හිමිවන මුදල රුපියල් මිලියන 1000කට අධිකයි.

https://www.youtube.com/watch?v=dnHC8wBVSJ0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?