යූරියා පොහොර මිටියේ බරට පමණක් මුදල් ගන්න – කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

මින් ඉදිරියට ගොවීන්, යූරියා පොහොර මිලදී ගැනීමේ දී පොහොර මලුවල බරට පමණක් මුදල් ලබා ගන්නා ලෙස සියලුම ගොවිජන මධ්‍යස්ථාන වෙත දැනුම්දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය රජය විසින් ලබා දුන් පොහොර, කිලෝ ග්‍රෑම් 50 මලුවලට ඇසිරීම කොළඹ වරායේ පිහිටි යන්ත්‍ර තුනක් මගින් සිදුකෙරෙනවා.

පොහොර ඇසිරීමේ දී සහ මැනීමේ දී යම් දෝෂයක් සිදුව ඇත්නම්, ගොවීන්ට පාඩුවක් සිදු නොවන ලෙසයි මෙම තීරණය ගෙන ඇත්තේ.