යූරියා ටොන් 25,000ක් ආනයනයට අනුමැතිය

යූරියා පොහොර මෙට්‍රික් ටොන් 25,000ක් ආනයනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

යල කන්නයේ පොහොර අවශ්‍යතාවය වෙනුවෙන් පොහොර සමාගම් හා පෞද්ගලික අංශය සතුව පැවති යූරියා පොහොර ප්‍රමාණය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ඉතිරිව පවතින තොග සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, අනුව ලංකා පොහොර සමාගම මඟින් 60%ක් සහ සීමාසහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම මඟින් 40%ක් වශයෙන් අදාළ පොහොර ප්‍රමාණය ආනයනය කිරීමටයි අනුමැතිය ලබාදී ඇත්තේ.

3 4