යුෂ්වේන්ද්‍ර චහාල්ගේ වසර හතරක විවාහ දිවියට තිත

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක යුෂ්වේන්ද්‍ර චහාල් සහ ඔහුගේ බිරිවන ධනශ්‍රී වර්මා නිල වශයෙන් දික්කසාද වී ඇති බව මාධ්‍ය අද (21) වාර්තා කරනවා.

ඔවුන්ගේ දික්කසාදය පිළිබඳ පුවත මාස ගණනක සිට සමාජ මාධ්‍යවල පැතිර ගිය අතර, දෙදෙනාම අන්තර්ජාලයේ ගුප්ත සටහන් බෙදා ගත් ආකාරය ද දැකගත හැකි වුණා.

නමුත්, තීරණය පිටුපස ඇති විය හැකි හේතු ඉස්මතු කිරීමට ඔවුන්ගෙන් කිසිවෙකු මෙම මාතෘකාව පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ.

මෙම යුවළගේ දික්කසාද අවසාන නඩු විභාගය සහ අවශ්‍ය සියලු විධිමත් කටයුතු ඊයේ බන්ඩ්‍රා පවුල් අධිකරණයේ දී සිදුව තිබෙනවා.

ඒ, සඳහා දෙදෙනාම පැමිණ සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

එහිදී විනිසුරුවරයා යුවළට උපදෙස් ලබා දී ඇති අතර, එය විනාඩි 45ක් පමණ පැවති බවයි වාර්තා වුණේ.

උපදේශන සැසියෙන් පසු, දෙදෙනාම අන්‍යෝන්‍ය කැමැත්තෙන් වෙන් වීමට කැමති බව විනිසුරුවරයාට දන්වා ඇති බව සඳහන්.

චහාල් සහ ධනශ්‍රී පසුගිය මාස 18 තිස්සේ වෙන්ව ජීවත් වූ බව තවදුරටත් අනාවරණය වී ඇති අතර, දික්කසාද වීමට හේතුව කුමක්දැයි විමසූ විට, යුවළ පැවසුවේ ඔවුන්ගේ ගැලපීම්වල ගැටළු ඇති බවයි.

“දෙවියන් වහන්සේ මට ගණන් කළ හැකි වාර ගණනට වඩා වැඩි වාර ගණනක් මාව ආරක්ෂා කර ඇත. ඒ නිසා මම නොදන්නා කාලයන් මට සිතාගත හැකියි. දෙවියන් වහන්ස, මම නොදන්නා විට පවා සැමවිටම එහි සිටීම ගැන ඔබට ස්තූතියි. ආමෙන්.”යනුවෙන් සටහනක් අවසාන නඩු විභාගයට පෙර චහාල් සිය සමාජ මාධ්‍යවල බෙදාගෙන තිබුණා.

චහාල් සහ ධනශ්‍රී වර්මා 2020 වසරේ දෙසැම්බර් මාසයේ දී විවාහ දිවියට පිවිසි අතර, ඒ අනුව වසර හතක පමණ කාලයක් ඔවුන් අඹුසැමියන් ලෙස ජීවත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33