යුවරාජ්ගේ වාර්තා බිඳ දැමූ 28 හැවිරිදි ඩේරියස් විසර්

පන්දුවාර 20 ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට සැමෝවා කණ්ඩායම සමත් වුණා.

ඒ එහි ක්‍රීඩකයෙකු පන්දු වාරයක දී ලකුණු 39ක් ලබා ගැනීමත් සමගින්.

මෙම විශිෂ්ට පිති හරඹය දැක්වූයේ සැමෝවා ක්‍රීඩක ඩේරියස් විසර් විසින්.

ඔහු ඕවරයක දී ලකුණු 39ක් ලබා ගනිමින් පිරිමි 20-20 ක්‍රිකට් වාර්තාව තමන් සතු කරගන්නට සමත් වුණා.

ඩේරියස් විසර් අද (20) Apia හි පැවති T20 ලෝක කුසලාන නැගෙනහිර ආසියා පැසිෆික් කලාපීය සුදුසුකම් ලැබීමේ තරගයේ දී වනුවාටුට එරෙහිවයි මෙම දක්ෂතාව වාර්තා කළේ.

විසර් පන්දු 62ක දී ලකුණු 132ක් රැස් කළා.

මීට පෙර එම වාර්තාව ලබා සිටියේ ඉන්දීය පිතිකරු යුවරාජ් සින්ග් විසින් 2007 වර්ෂයේ එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඩ්ට එරෙහිවයි.

ඒ දැවැන්ත හයේ පහර 06ක් සමගින් ලකුණු 36ක්.

විසර් දැවැන්ත හයේ පහර 06ක් එල්ල කළ අතර සෙසු ලකුණු 03හිමි වූයේ නිපන්දු මගින්.

Capture