යුරෝ මිලියන 200ක ගිවිසුමෙන් පසු රොනාල්ඩෝ වැලිකතරට පා තබයි (ඡායාරූප)

පසුගිය දා සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු සමාජය සමඟ ගිවිසුම් ගත වූ පෘතුගාල සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සෞදි අරාබිය වෙත පැමිණ තිබෙනවා.

යුරෝ මිලියන 200 (ඩොලර් මිලියන 213) කට වඩා ඇස්තමේන්තුගත ගිවිසුම් ගතවීමෙන් පසු 37 හැවිරිදි රොනාල්ඩෝ ඊයේ (02) රාත්‍රියේ සෞදි අරාබියේ අගනුවර වන රියාද් වෙත පැමිණි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

රියාද්හි කිං කාලිඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ උණුසුම් අයුරින් පිළිගැනීමට අල් නසාර් ක්‍රීඩා බලධාරී කටයුතු කර තිබුණා.

මේ අතර සෞදියට පැමිණි රොනාල්ඩෝ අද දිනයේ අල් නස්ර් සමාජ ශාලාවේ පැවැත්වෙන විශේෂ පිළිගැනීමේ උත්සවයකට සහභාගී වීමට නියමිතයි.

09 වතාවක් සෞදි ලීග් ශූරයන් වූ අල් නසාර් ක්‍රීඩා සමාජය ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමඟ ගිවිසුම් ගතවීම ඉතිහාසගත සිදුවීමක් බවයි බොහෝ දෙනෙකු පවසන්නේ.

Ballon d’Or සම්මානය පස් වතාවක් දිනාගත් රොනාල්ඩෝ සිය පවුලේ සාමාජිකයින් සහ ආරක්ෂක පිරිවර සමඟ නගරයේ සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

චැම්පියන්ස් ලීග් ශූරතා පහක් දිනාගැනීමට සිය දායකත්වය සපයා ඇති රොනාල්ඩෝ ඉතාලියේ ජුවෙන්ටස්, ස්පාඤ්ඤයේ රියල් මැඩ්රිඩ්, එංගලන්තයේදී යුනයිටඩ් වැනි කණ්ඩායම් සමඟ එක්ව ලීග් ශූරතා දිනා තිබෙනවා.

000 336E7ZE
20230103 1672693936 64
000
25605 35574 1672700522
1245949874
methode times prod web bin ef621ba6 8aea 11ed b24e c1aaebfbdb8d


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48