යුරෝපා ගුවන් ‍යානයක් හදිසි ගොඩබෑමක

ස්පාඤ්ඤයේ සිට උරුගුවේ බලා පියාසර කරමින් තිබූ එයාර් යුරෝපා ගුවන් සේවයට අයත් යානයක්
බ්‍රසීලයේ හදිසි ගොඩබෑමක් සිදුකර තිබෙනවා.

UX045 නමැති මෙම ගුවන් යානය ධාවනයේ දී අධික කැලඹීමක් ඇති වී ඇති අතර මේ හේතුවෙන් ගුවන් යානය ආරක්ෂිතව සාඕ පාවුලෝ හි නටාල් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසියේ ගොඩ බැස්සු බව ගුවන් සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

එරට වේලාවෙන් අලුයම 2.32 ට පමණ මෙම යානය හදිසි ගොඩබෑමක් ඉල්ලා ඇති බව සඳහන්.

මෙම හදිසි ගොඩ බෑම හේතුවෙන් 30 දෙනෙකු ගුවන් තොටුපලේ දී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් අතර වැඩිදුර පරීක්ෂණ සඳහා තවත් 10 දෙනෙකු රෝහල් කරා පිටත් කර තිබෙනවා.

එයාර් යුරෝපා මීට පෙර ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ සිද්ධියෙන් පුද්ගලයන් 7දෙනෙකු තුවාල ලබා ඇති බවත්, සුළු තැලීම් ඇති පුද්ගලයින් තීරණය කළ නොහැකි සංඛ්‍යාවක් සිටින බවත්ය.

ගුවන් යානය මැඩ්රිඩ් – බරාජාස් ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් උරුගුවේ මොන්ටෙවීඩියෝ හි කැරස්කෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත යමින් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18