යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු කිරුළ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලයට

ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ප්‍රමුඛ පෘතුගාලය යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු කිරුළ හිමිකර ගැනීමට ඊයේ සමත් වුණා.

ඒ, 2025 යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ස්පාඤ්ඤ කණ්ඩායම පරාජයට පත්කරමින්.

ඉතා තියුණු මුහුණුවරක් ගත් මෙම තරගයේ නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම ගෝල 02 බැගින් රැස් කරගෙන සිටියා.

මේ හේතුවෙන් අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවරුන් කටයුතු කළ අතර එම කාලය තුළ දී දෙපිළටම ගෝල රැස් කරන්නට හැකියාව ලැබුනේ නැහැ.

ඒ, අනුව තරගයේ ජයග්‍රාහකයින් තීරණයේ කෙරුනේ දඬුවම් පහර මඟින්.

එහිදී දඬුවම් පහර 05ට 03ක් ලෙස සාර්ථක කරගත් පෘතුගාලය 2025 යුරෝපානු නේෂන්ස් ලීග් පාපන්දු ශූරතාව තමන් සතුකර ගත්තා.

ජයග්‍රහණයෙන් පසු අදහස් දැක්වූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පැවසුවේ, “පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රහණය කිරීම සැමවිටම විශේෂයි. මට ක්‍රීඩා සමාජ සමඟ බොහෝ ශූරතා තිබෙනවා, නමුත් පෘතුගාලය වෙනුවෙන් ජයග්‍රහණය කිරීමට වඩා හොඳ කිසිවක් නැහැ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31