යුරෝපයේ ජනතාව අනාරක්ෂිතයි – පෝලන්තයෙන් අනතුරු ඇඟවීම්

යුරෝපය පූර්ව යුධ යුගයකට අවතීර්ණ වී ඇති බව පෝලන්ත අගමැති ඩොනල්ඩ් ටස්ක් පවසනවා.

රුසියාව විසින් යුක්රේනය පරාජය කළහොත් යුරෝපයේ සියලු ජනතාව ආරක්ෂිත නොවන බවයි අනතුරු ඇඟවීමක් සිදු කරමින් ඔහු විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

යුරෝපීය කවුන්සිලයේ හිටපු සභාපතිවරයෙකු වන පෝලන්ත අගමැතිවරයා පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කිසිදු සාක්ෂියකින් තොරව මොස්කව්හි ක්‍රොකස් නගර ශාලාවට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් දැනටමත් යුක්රේනයට දොස් පවරා ඇති බවයි.

මෙම සතිය ආරම්භයේදීම රුසියාව ප්‍රථම වරට දිවා කාලයේ දී හයිපර්සොනික් මිසයිල වලින් කියෙව් අගනුවර වෙත ප්‍රහාර එල්ල කළ බවද පෝලන්ත අග්‍රාමාත්‍යවරයා විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.

එමෙන්ම පසුගිය වසර අවසානයේ පෝලන්ත අගමැති ලෙස නැවත බලයට පැමිණීමෙන් පසු ඩොනල්ඩ් ටස්ක් සිය පළමු විදේශීය සම්මුඛ සාකච්ඡාව භාවිතා කළේ සිය රටේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා වැඩි යමක් කරන ලෙස යුරෝපයේ නායකයින්ට සෘජු ආයාචනයක් ඉදිරිපත් කිරීමටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03