spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුනියන් ප්ලේස් වෙත නුග ගසක අත්තක් පතබෑවෙයි

කොළඹ – යුනියන් පෙදෙස ස්ටේපල් වීදිය හන්දියට විශාල නුගස ගසක අත්තක් කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

ඊයේ රාත්‍රියේ දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පවතින අයහපත් වර්ෂාපතනය හේතුවෙන් මෙම නුග ගසෙහි අත්ත කඩා වැටී ඇති බවයි පැවසෙන්නේ.

ගසෙහි අත්ත මාර්ගය හරහා වැටීම හේතුවෙන් 138 මාර්ගයේ බස් ධාවනයට මෙන් ම ගමනාගමනයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.

අත්ත කඩා වැටීමෙන් පුද්ගල හෝ දේපළ හානි කිසිවක් සිදු ව නැහැ.

ගසෙහි අත්ත ඉවත් කිරීමට රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සහ අසල පිරිසක් එක් ව සිටියා.

මෙම නුග ගසෙහි අත්ත කඩා වැටී ඇත්තේ; මීට පෙර කොල්ලුපිටියේ දී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ජීවිත 05ක් බිලි ගෙන මාසයක් ගත වීමටත් පෙරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?