spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදා සාමාජිකයන් අඩකින් අඩු කිරීමට සැලසුම්

2030 වසර වන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් හරි අඩකින් අඩු කිරීමට සැලසුම් කර තිබෙනවා.

යුද හමුදාවේ අනුමත කාර්ය මණ්ඩලය මේ වන විට දෙලක්ෂය ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.

මේ සම්බන්ධයෙන් වැඩබලන ආරක්ෂක ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ප්‍රකාශ කර ඇත්තේ 2030 වන විට යුද හමුදා සාමාජිකයන් ගණන ලක්ෂය පමණ දක්වා අඩුකිරීමට රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති බවයි.

ඒ පිළිබඳව සමාලෝචනයක් කිරීම සඳහා විශ්‍රාමික මේජර් ජෙනරාල්වරකුගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් ද ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබ තිබෙනවා.

දෙලක්ෂය ඉක්මවන යුධ හමුදා සාමාජික සංඛ්‍යාව ලක්ෂය පමණ දක්වා අඩුකර, යුද හමුදාව තාක්ෂණික හා උපායශීලී හමුදාවක් බවට පත් කිරීමයි රජයේ සැලසුම වී ඇත්තේ.

මීට සමගාමීව නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සංඛ්‍යාව ද අඩු කිරීම ඉලක්කය වී ඇතැයි ඇමති තෙන්නකෝන් මහතා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
10
+1
20
+1
10
+1
7
+1
5
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?