යුද හමුදා ලාන්ස් කෝප්‍රල් රජයේ වත්තක පොල් සොරකමේ ගිහින්

මාදම්පේ, රත්මල්ගාර රජයේ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වූ යුද හමුදා සෙබළෙක්, වතු මුරකරුවන් සහ පාලනාධිකාරිය එක්ව අල්ලාගෙන අද (18) අලුයම මාදම්පේ පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස පොලීසියට භාර දී ඇත්තේ මුරුංකන්, ජීවනගර් හි පිහිටි 08 වන විජයබා පාබල රේජිමේන්තුවේ ලාන්ස කෝප්‍රල්වරක් ලෙස රාජකාරී කළ හමුදා සෙබළෙක්.

මොහු මාදම්පේ, පනිරේන්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම හමුදා සෙබළා පසුගිය 14 දින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර, රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකමේ නිරතවන අවස්ථාවේ දී වතු අධිකාරිවරයා සහ මුරකරුවන් එක්ව ඔහුව අල්ලාගෙන තිබෙනවා.

එලෙස සැකකරු අල්ලාගත් අවස්ථාවේ දී ඔහු විසින් රැගෙන යෑමට එකතු කර තිබූ පොල් ගෙඩි 182ක් ද සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

අනතුරුව සැකකරු මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර ඇති අතර, ඔහු අද (18) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

රත්මල්ගාර රජයෙ පොල් වතු යායෙ නිරන්තරයෙන් පොල් සොරකම් සිදුවන බවට අනාවරණය වීමත් සමඟ එහි පාලනාධිකාරිය සහ මුරකරුවන් නිරන්තර සෝදිසියෙන් සිටීමටයිඋ කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39