spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදා ලාන්ස් කෝප්‍රල් රජයේ වත්තක පොල් සොරකමේ ගිහින්

මාදම්පේ, රත්මල්ගාර රජයේ වතු යායෙන් පොල් සොරකම් කිරීමේ නිරත වූ යුද හමුදා සෙබළෙක්, වතු මුරකරුවන් සහ පාලනාධිකාරිය එක්ව අල්ලාගෙන අද (18) අලුයම මාදම්පේ පොලිසියට භාර දී තිබෙනවා.

මෙලෙස පොලීසියට භාර දී ඇත්තේ මුරුංකන්, ජීවනගර් හි පිහිටි 08 වන විජයබා පාබල රේජිමේන්තුවේ ලාන්ස කෝප්‍රල්වරක් ලෙස රාජකාරී කළ හමුදා සෙබළෙක්.

මොහු මාදම්පේ, පනිරේන්ඩාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මෙම හමුදා සෙබළා පසුගිය 14 දින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර, රත්මල්ගාර රජයෙ වතු යායෙන් පොල් සොරකමේ නිරතවන අවස්ථාවේ දී වතු අධිකාරිවරයා සහ මුරකරුවන් එක්ව ඔහුව අල්ලාගෙන තිබෙනවා.

එලෙස සැකකරු අල්ලාගත් අවස්ථාවේ දී ඔහු විසින් රැගෙන යෑමට එකතු කර තිබූ පොල් ගෙඩි 182ක් ද සොයා ගැනීමටයි හැකිව ඇත්තේ.

අනතුරුව සැකකරු මාදම්පේ පොලිසියට භාර දීමට කටයුතු කර ඇති අතර, ඔහු අද (18) හලාවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ.

රත්මල්ගාර රජයෙ පොල් වතු යායෙ නිරන්තරයෙන් පොල් සොරකම් සිදුවන බවට අනාවරණය වීමත් සමඟ එහි පාලනාධිකාරිය සහ මුරකරුවන් නිරන්තර සෝදිසියෙන් සිටීමටයිඋ කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
7
+1
28
+1
7
+1
20
+1
6
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?