spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුද හමුදා නිලධාරියෙකුගෙන් ලෝක වාර්තාවක් (ඡායාරූප)

යුද හමුදාව මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න පේදුරුතුඩුවෙන් ආරම්භ කළ පාගමන ලෝක වාර්තාවක් පිහිටුවමින් දෙවුන්දරතුඩුවෙන් අවසන් කර තිබෙනවා.

ඔහු ලෝක වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා කිලෝමීටර 580.16ක දුරක් පාගමනින් පැමිණීම ආරම්භ කරනු ලැබුවේ පසුගිය 05 වන අඟහරුවාදායි.

පේදුරුතුඩුවෙන් ආරම්භ කරනු ලැබූ පා ගමන අද උදෑසන දෙවුන්දරතුඩුවෙන් සාර්ථකව නිමා කළ බවයි යුද හමුදාව සඳහන් කළේ.

මෙම හමුදා නිලධාරියා කිලිනොච්චිය, වවුනියාව, මැදවච්චිය, අනුරාධපුරය, කුරුණෑගල, කොළඹ, අලුත්ගම, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක පසුකරමින් දින 12කට පසු දෙවුන්දර තුඩුවට පැමිණියා.

යුද හමුදා නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත සුබ පැතුම් පිරිනැමීම සඳහා දෙවුන්දර ශ්‍රී විෂ්ණු මහා දේවාල පරිශ්‍රය වෙත පැමිණ සිටියා.

කිලෝමීටර් 580.16ක දුරකින් සමන්විත පාගමන සාර්ථකව අවසන් කිරීමෙන් අනතුරුව සෙරන්ඩිබ් ලෝක වාර්තා කමිටුවේ නියෝජිත සාමාජිකයින් විසින් නව සෙරන්ඩිබ් ලෝක වාර්තා සඳහා වූ සහතිකය මාණ්ඩලික සැරයන් කේ.අයි.එස් කීර්තිරත්න වෙත භාරදී තිබෙනවා.

worldrecords01
worldrecords02
worldrecords03
worldrecords04
worldrecords05
worldrecords06
worldrecords07
worldrecords08
worldrecords09
worldrecords10
worldrecords11
worldrecords12
worldrecords13
worldrecords14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?