යුද ගැටුම් නිසා මැදපෙරදිග අහසේ සිරවී තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යළි මෙරටට

කටුනායක ගුවන් තොටුපොළෙන් කුවේට් සිටි සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා 02 ක්, මැදපෙරදිග කළාපයේ හදිසියේ හටගත් යුධමය වාතාවරණයත් සමග, එම ගුවන් අවකාශ වසා දැමීම නිසා පැයකට අධික කාලයක්, එම කලාපයට ආසන්න ඉහළ අහසේ පියාසර කර සිට තිබෙනවා.

කෙසේ වෙතත් පසුව එම යානා සුරක්ෂිතව එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට තම නියමුවන් සමත් වූ බවත් , අද (15) දින උදෑසන වනවිට එම ගුවන් යානා දෙක , යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවත් , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා පවසනවා.

ඊයේ (14) පස්වරු 05.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 229 දරන ගුවන් යානය කුවේට් රාජ්‍යයේ කුවේට් රාජ්‍යයේ සිටි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් ,ඊයේ දින රාත්‍රී 06.36 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 253 දරන ගුවන් යානය දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙතත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

මෙම ගුවන් යානා ඒ.- 321නියෝ වර්ගයේ ගුවන් යානා දෙකක්.

මෙම ගුවන් යානා මැදපෙරදිග කළාපය වෙත ආසන්න වෙත්ම, ඉරානය විසින් මෙම කළාපය වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.

ඒ සමගම කුවේට් රාජ්‍යය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන තිබූ අතර, එම රටවල් බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙක, ආපසු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට අවශ්‍ය ඉන්ධන ද ප්‍රමාණවත් නොවීම නිසා, එම කළාපය ආසන්නයේ , ඉහළ අහසේ පැය 01 විනාඩි 10 ක කාලයක්, පියාසර කරමින් සිට, පසුව එම ගුවන් අවකාශ විවෘත කළ සැනින් එම ගුවන් තොටුපොළ වෙත සුරක්ෂිතව ගොඩබැස්සවීමට පියවර ගෙන තිබුණා.

මේ ආකාරයට තවත් විදේශීය ගුවන් යානා රැසක්, මෙම යූධමය වාතාවරණය නිසා, එම ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට නොහැකිව ඉහළ අහසේ, පියාසර කරමින් තිබූ බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11