යුද්ධයෙන් පසුවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත තිබීම ලැජ්ජාවට කරුණක් – පා.ම කිරිඇල්ල

මෙරට පැවති යුද්ධය අවසන් වී වසර 10ට වැඩි කාලයක් ගතවීමෙන් පසුවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වැනි පනතක් මෙරට නීති පොත් වල තිබීම ලැජ්ජාවට කරුණක් බව විපක්ෂයේ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කිවීම පිළිබඳ අද (22දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා,
ජී.එල් පීරිස් ඇමතිතුමා ඉදිරිපත් කළ සංශෝධන පිළිබඳ සමගි ජන බලවේගයේ වගේම විපක්ෂයේ මතය සහ මානව හිමිකම් සංවිධාන වල මතය තමයි මේ සංශෝධන බොහොම සිල්ලර සංශෝධන. මෙය ප්‍රමාණවත් නෑ. අපි යෝජනා වගයක් ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් මේ පනත අනුව පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ වරෙන්තුවක් නැතිව. ගෙදර සෑම දෙයක්ම ඇදලා බලන්න පුලුවන්. වාහන පොලීසිය භාරයට ගන්න පුලුවන්. දැන් අලුත්ම තත්ත්වය තමයි යුනිෆෝම් ඇදන් යන්නෙත් නෑ. ඉතින් මෙහෙම පුද්ගලයෝ අත්අඩංගුවට ගන්න පුලුවන්ද? ශිෂ්ඨ රටක මේ වගේ නීතියක් තිබෙන්න පුලුවන්ද කියලා මම අහනවා.

ඒ වගේම අත්අඩංගුවට ගෙන පැය 72ක් ඔහුව වහලා තිබෙනවා. අපේ ජී.එල් පීරිස් මහත්මයා හොඳ කතිකයෙක්. කෙම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තේ. හොඳට අන්දන්න දන්නවා. නමුත් ප්‍රායෝගික පැත්තෙන් එතුමා දන්නවා අඩුයි. 

අපි ඉල්ලන්නේ මේ ත්‍රස්ථවාදීන් වෙනුවෙන් ඉල්ලන දේවල් නෙවෙයි. මේවා ඉල්ලන්නේ අපි සියලු දෙනා වෙනුවෙන්. අපිව අත්අඩංගුවට ගත්තත් අවුරුද්දක් රැදවුම් නියෝග ගහලා තියාගන්න පුලුවන්. මහේස්ත්‍රාත්වරයෙක්ට ඉදිරිපත් කරන්නේ නෑ. පාපොච්චාරන ගන්නවා බය කරලා. ඉතින් මේවා හරිද? අපි කියන්නේ මේවා ත්‍රස්ථවාදීන්ට නෙවෙයි අපිටත් බලපානවා. අපි කියන්නේ මේ වෙනස්කම් වෙන්න ඕනි කියලා.

යුද්ධය අවසන් වෙලා දැන් අවුරුදු 10ක් පමණ වෙනවා. අපේ රටට ලැජ්ජාවක් මේ වගේ නීති රීති පොත්වල තිබෙන එක. ජාත්‍යන්තර සංවිධාන වල රුස්වීම් වලට ගිහින් මේවා පෙන්නුවාම ඇත්තටම අපිට විශාල කණගාටුවක් ඇතිවෙනවා. 
යනුවෙන් සඳහන් කළේය. 

  1. කිරිඇල්ල කියන්නේ කාලකන්නියෙක් හොරෙක්. කථා කරන්න ඕනේ ප්‍රශ්න මෙච්චර තියෙද්දී ඕවාද කථා කරන්න ඕනේ. ඔවා ප්‍රවෘත්ති විදියට මෙවාට දාන්නේත් මීහරකා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24