යුක්රේන හමුදාවේ සිටි ශ්‍රී ලාංකිකයින් තුනක් ජීවිතක්ෂයට

යුක්රේනය සහ රුසියාව අතර පවතින යුද ගැටුම් හේතුවෙන් යුක්රේන හමුදාවට අනුයුක්තව සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කළේ බක්මුත්හිදී ශ්‍රී ලාංකික නිලධාරීන් තිදෙනා මියගොස් ඇති බවයි.

ඔවුන් අඟහරුවාදා යුක්රේන පෙරමුණේ රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් කරමින් සිටියදී මිය ගිය බව තානාපති කාර්යාලය සඳහන් කර තිබෙනවා.

මියගිය නිලධාරීන් තිදෙනා අතර හිටපු ශ්‍රී ලංකා යුද හමුදා කපිතාන් රනිෂ් හේවගේ ද වන බව සඳහන්.

මියගිය සහ තුවාල ලැබූ යුක්රේන සොල්දාදුවන් ඉවත් කිරීමට උත්සාහ කිරීමේදී රුසියානු ප්‍රහාරයකින් ශ්‍රී ලංකා නිලධාරීන් තිදෙනා මිය ගිය බවයි වාර්තාවල දැක්වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්