යුක්‍රේන සිහිනය විනාශ වෙයි

යුක්‍රේන සිහිනය ලෙසින් හඳුන්වනු ලබන ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානය රුසියානු ප්‍රහාර හමුවේ ගිනිගෙන විනාශවී ඇති ආකාරය අද පළමුවරට රුසියානු මාධ්‍ය ලොවට අනාවරණ කළේය.

ඒ අනුව ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානාය වන ඇන්ටනොව් AN225 ගුවන්යානය මෙලෙස විනාශයට පත්ව ඇත.

යුක්‍රේන සිහිනය ලෙස හැඳින්වුණු මේ යානාව විනාශයට පත්වුණේ හොස්ටමෙල් ගුවන්තොටුපොළේ නවතා තිබියදීය.

රුසියානු මාධ්‍යවේදිනිය එම වාර්තාකරණයේ නිරතවන අවස්ථාවේදීත් එහි දරුණු ගැටුම් සිදුවිය. 

මේ අතර  රුසියානු ප්‍රහාරයක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වූ යුක්‍රේනයේ “Zaporizhzhia” න්‍යෂ්ටික බලාගාරය අත්පත් කරගැනීමට රුසියාව අද (04) සමත්විය.

යුරෝපයේ පිහිටි විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන එය යුක්‍රේනයේ සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 50ක් සපයනු ලබයි.

රුසියා – යුක්‍රේන යුද ගැටුම් ආරම්භ වී අදට දින 9කි.

මේ අතර යුක්‍රේන- රුසියා දෙවැනි වටයේ සාම සාකච්ඡා ඊයේ බෙලරුස් හි බ්‍රෙස්ට් පළාතේදී පැවැත්වුණි.

කෙසේ නමුත් සාකච්ඡා නිමා වී තිබුණේ අවසන් එකඟතාවකින් තොරවය.

එහිදී යුක්‍රේන රජය අපේක්ෂා කළ කිසිදු යෝජනාවකට රුසියාව එකඟවී නොමැති නමුත්, ගැටුම් හේතුවෙන් පීඩාවට පත් යුක්‍රේන සිවිල් වැසියන් ආරක්ෂිතව එම නගරවලින් ඉවත් කිරීමටත්, ඔවුන්ට මානුෂීය ආධාර ලබාදීමටත් ඉඩ සලසා දීමට රුසියානු නියෝජිතයන් එකඟතාව පළකර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46