යුක්රේන අගනුවර ආසන්නයේ ගැටුම් උත්සන්න වෙයි

යුක්රේනයේ කීව් අගනුවරට වයඹ දෙසින් රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්රේන හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

ඉදිරි දින කිහිපය තුළ අගනුවර ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කිරීමේ අරමුණින් රුසියානු හමුදා එක්රැස් කරන බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

කාර්කිව්, චර්නිව්,සුමී සහ මරියුපොල් නගරවලද ගැටුම් පවතින අතර ඒවා වෙත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර අඛන්ඩව එල්ල වන බව සඳහන්.

මේ අතර, යුක්රේන උප අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගැටුම් පවතින නගරවලින් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මානුෂවාදී මාර්ගය අද (12) විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

දින 12 ක් තිස්සේ රුසියානු හමුදා විසින් වටලා සිටින ගිණිකොණ දිග මරියුපොල්වලට එල්ල වු රුසියානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 1582 දෙනෙකු මියගොස් ඇති බව නගර කවුන්සිලය මාර්ගගත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23