spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේන අගනුවර ආසන්නයේ ගැටුම් උත්සන්න වෙයි

යුක්රේනයේ කීව් අගනුවරට වයඹ දෙසින් රුසියානු ගොඩබිම් හමුදා සහ යුක්රේන හමුදා අතර ගැටුම් උත්සන්න වී ඇති බව වාර්තා වනවා.

ඉදිරි දින කිහිපය තුළ අගනුවර ඉලක්ක කරගෙන ප්‍රහාර දියත් කිරීමේ අරමුණින් රුසියානු හමුදා එක්රැස් කරන බවයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

කාර්කිව්, චර්නිව්,සුමී සහ මරියුපොල් නගරවලද ගැටුම් පවතින අතර ඒවා වෙත රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාර අඛන්ඩව එල්ල වන බව සඳහන්.

මේ අතර, යුක්රේන උප අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ ගැටුම් පවතින නගරවලින් සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ මානුෂවාදී මාර්ගය අද (12) විවෘත කිරීමට හැකිවනු ඇති බවයි.

දින 12 ක් තිස්සේ රුසියානු හමුදා විසින් වටලා සිටින ගිණිකොණ දිග මරියුපොල්වලට එල්ල වු රුසියානු ප්‍රහාරවලින් සිවිල් වැසියන් 1582 දෙනෙකු මියගොස් ඇති බව නගර කවුන්සිලය මාර්ගගත නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?