යුක්‍රේන් ජනපතිගෙන් දරුණු තීරණයක්

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අනතුරු අඟවන්නේ සිය හමුදා කියුව් භූමියේ යුද අපරාධ කරන ඕනෑම රුසියානු සොල්දාදුවෙකු ලුහුබැඳ ගොස් ඝාතනය කරනු ඇති බවය.

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි, 

“යුක්‍රේනයේ මේ වගේ පවුල් කීයක් මැරිලා තියෙනවද? අපි සමාව දෙන්නේ නැහැ. අපි අමතක කරන්නේ නැහැ. මේ යුද්ධයේදී කුරිරුකම් කරපු හැමෝටම අපි දඬුවම් කරනවා. අපේ භූමියේදීම. මිනීවළ හැර ඔබ වෙනුවෙන් මේ පොළොවේ කිසිම නිස්කලංක තැනක් නැහැ. රුසියානු සෙබළුන් දැනටමත් කර ඇති සෑම දෙයක්ම ඔවුන්ට තවමත් ප්‍රමාණවත් නොවන බව පෙනෙනවා. විකෘති ජීවිත. ඔවුන්ට අවශ්‍ය වන්නේ මීටත් වඩා මරා දැමීමටයි.”

මේ අතර යුක්‍රේනයට ඉහළ අහස ගුවන් මුක්ත කලාපයක් ලෙස නම් කරන ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු සෙනෙට් සභික මාර්කෝ රූබියෝ පවසන්නේ එම පියවර තුන්වන ලෝක යුද්ධයේ ආරම්භය වනු ඇති බවය.

මේ අතර, යුද ගැටුම් අවසන් කිරීමේ අරමුණින් රුසියාවත් යුක්‍රේනයත් අතර තෙවැනි වටයේ සාකච්ඡා අද (07) පැවැත් වේ.

සාකච්ඡා පැවැත්වෙන ස්ථානය පිළිබඳව මෙතෙක් හෙළි කර නොමැත.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, යුක්‍රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින්  ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පවසන්නේ රුසියානු ප්‍රහාර හමුවේ පීඩාවට ලක්වුණු අහිංසක යුක්‍රේන වැසියන්ගේ රුධිරයෙන් සහ කඳුළුවලින් යුක්‍රේනය තෙත් වී ඇති බවය.

https://youtu.be/_TfHhcxAPUw


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23