spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනය රුසියාවේ ගුවන්යානා 06 ක් විනාශ කරයි

යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකදී රුසියානු ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර එහි සිටි සේවා නිලධාරීන් 20 දෙනෙකු පමණ අදාළ ප්‍රහාරයෙන් මියයන්නට ඇති බවට ආරක්ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇති බවද එම වාර්තාවල සඳහන්.

ගුවන් තොටුපළේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් රුසියාවෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්‍රේනයට මායිම්ව පිහිටි කලාපයට ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු බලධාරීන් පවසනවා.

රුසියානු හමුදා විශ්ලේෂක පාවෙල් අක්සියුනෝව් පවසන්නේ, කෙටි කාලයක් තුළ මෙතරම් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂාව යටපත් කළ හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?