යුක්රේනය රුසියාවේ ගුවන්යානා 06 ක් විනාශ කරයි

යුක්‍රේනය දකුණු රුසියාවේ රොස්තොව් ප්‍රදේශයේ ගුවන් කඳවුරකදී රුසියානු ගුවන් යානා හයක් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් විනාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙහිදී තවත් ගුවන් යානා අටකට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර එහි සිටි සේවා නිලධාරීන් 20 දෙනෙකු පමණ අදාළ ප්‍රහාරයෙන් මියයන්නට ඇති බවට ආරක්ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කර ඇති බවද එම වාර්තාවල සඳහන්.

ගුවන් තොටුපළේ ප්‍රහාරයක් පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් රුසියාවෙන් මෙතෙක් කිසිදු තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

යුක්‍රේනයට මායිම්ව පිහිටි කලාපයට ඩ්‍රෝන යානා 40කට වැඩි ප්‍රමාණයකින් ප්‍රහාර එල්ල කර ඇති බව රුසියානු බලධාරීන් පවසනවා.

රුසියානු හමුදා විශ්ලේෂක පාවෙල් අක්සියුනෝව් පවසන්නේ, කෙටි කාලයක් තුළ මෙතරම් ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කළහොත් රුසියාවට යුක්‍රේනයේ ගුවන් ආරක්‍ෂාව යටපත් කළ හැකි බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06