යුක්රේනයේ ළමා සහ මාතෘ රෝහලකට එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් 17 කට තුවාල

යුක්රේනයේ මරියුපෝල් නගරයේ පිහිටි ළමා සහ මාතෘ රෝහලක් වෙත එල්ල වූ රුසියානු ප්‍රහාරයකින් ඊට බරපතල හානි සිදුවී තිබෙනවා.

රුසියානු රොකට් ප්‍රහාරයක් මෙලෙස එල්ලවී ඇති බව සඳහන්.

යුක්රේන වාර්තාවල දැක්වෙන්නේ රෝහල් සේවකයින්, මව්වරුන් ඇතුළු 17 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

කෙසේ වුවත් තුවාලකරුවන් ගණන මීට වඩා ඉහල යාමේ හැකියාවක් පවතින බවයි සහන සේවකයින් සඳහන් කර සිටින්නේ.

මේ අතර යුක්රේන ජනාධිපති වොලොඩිමිර් සෙලෙන්ස්කි සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයද, රුසියාව විසින් රෝහලක් ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරය හෙළා දැක යුක්රේන ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එය යුධ අපරාධයක් බවයි.

එමෙන්ම බටහිර රටවල් රැසක්ද මෙම රුසියානු ප්‍රහාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල කර තිබෙනවා.

මේ අතර රුසියානු සහ යුක්රේන විදේශ අමාත්‍යවරුන් අතර නිල සාකච්ඡාවක් තුර්කියේදී අද පැවැත්වෙනවා.

තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් අඩවොන් සහ අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් අතර දුරකථන සංවාදයක්ද පැවැත්වීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්රේනයට ඩොලර් බිලියන 1.4 ක හදිසි ණය මුදලක් අනුමත කර තිබෙනවා.

https://youtu.be/uJHiP6cm33I
https://youtu.be/KOocsGFZins


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57