යුක්රේනයේ සාමය ගැන සුබ පණිවුඩයක්

රුසියානු – යුක්රේන යුද ගැටුම් නිමා කිරීම වෙනුවෙන් පැවැත්වෙන සාම සාකච්ඡා යහපත් තත්ත්වයක පවතින බව රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ එම සාකච්ඡා පැවැත්වීමට පහසු නොවුව ද මේ වනවිට යම් ප්‍රගතියක් අත් කරගෙන ඇති බවයි.

මේ අතර, යුක්රේනය සඳහා යුද ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 800ක ප්‍රදානයක් සිදුකරන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කර තිබෙනවා.