spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ සහයට සැඟවුණු වෙඩික්කරුවන් එක්වෙයි

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදීම සඳහා සිය හමුදාවන් සමග එක්වන ලෙසට යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව මේ වන විට බ්‍රිතාන්‍යය, පෘතුගාලය, කැනඩාව ඇතුළු රටවල් රැසකින් පිරිස් පැමිණ සිටින බව වාර්තා වනවා.

යුක්රේන හමුදාව යටතේ පිහිටා ඇති ස්වේච්ජා බල ඇණිය සඳහා එක්ව සිටින විදේශීය සටන්කරුවන් අතර ලොව ප්‍රබලතම සැඟවුණු වෙඩික්කරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම සැඟවුණු වෙඩික්කරුවා “Wali” නමි සංකේත නාමයෙන් හඳුන්වනු ලබන අතර ඔහු රාජකීය කැනේඩියානු යුද හමුදාවේ 22 වන සේනාංකයට අනියුක්තව සේවය කරනු ලැබූ නිලධාරියෙකු වනවා.

2009 -2011 වර්ෂයේ ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්වය ලබා දී ඇති මෙම සැඟවුණු වෙඩික්කරුවා නැවත වරක් 2015 වසරේදී ඉරාකයට ගොස් තිබුනේ ISIS සංවිධානයට එරෙහිව යුද වැදීමටය.

මෙම සැඟවුණු වෙඩික්කරුවා මේ වන විට යුක්රේනයට පැමිණ ඇති අතර ඔහු රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට සුදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ වන විට රටවල් 52 කින් විදේශීය හමුදාවන් 20,000ක් රුසියාවට එරෙහිව සටන් වැදීම සඳහා යුක්රේනයට පැමිණ ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?