යුක්රේනයේ සහයට සැඟවුණු වෙඩික්කරුවන් එක්වෙයි

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් වැදීම සඳහා සිය හමුදාවන් සමග එක්වන ලෙසට යුක්රේන ජනාධිපතිවරයාගේ ඉල්ලීමට අනුව මේ වන විට බ්‍රිතාන්‍යය, පෘතුගාලය, කැනඩාව ඇතුළු රටවල් රැසකින් පිරිස් පැමිණ සිටින බව වාර්තා වනවා.

යුක්රේන හමුදාව යටතේ පිහිටා ඇති ස්වේච්ජා බල ඇණිය සඳහා එක්ව සිටින විදේශීය සටන්කරුවන් අතර ලොව ප්‍රබලතම සැඟවුණු වෙඩික්කරුවෙකු ද සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙම සැඟවුණු වෙඩික්කරුවා “Wali” නමි සංකේත නාමයෙන් හඳුන්වනු ලබන අතර ඔහු රාජකීය කැනේඩියානු යුද හමුදාවේ 22 වන සේනාංකයට අනියුක්තව සේවය කරනු ලැබූ නිලධාරියෙකු වනවා.

2009 -2011 වර්ෂයේ ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් සඳහා සක්‍රිය දායකත්වය ලබා දී ඇති මෙම සැඟවුණු වෙඩික්කරුවා නැවත වරක් 2015 වසරේදී ඉරාකයට ගොස් තිබුනේ ISIS සංවිධානයට එරෙහිව යුද වැදීමටය.

මෙම සැඟවුණු වෙඩික්කරුවා මේ වන විට යුක්රේනයට පැමිණ ඇති අතර ඔහු රුසියානු හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට සුදානමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ වන විට රටවල් 52 කින් විදේශීය හමුදාවන් 20,000ක් රුසියාවට එරෙහිව සටන් වැදීම සඳහා යුක්රේනයට පැමිණ ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23