spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්‍රේනයේ ශ්‍රී ලාංකිකයින් ගැන සහතිකයක්

යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් නිරන්තරයෙන් සොයා බලමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

යුක්‍රේනයේ පවතින ගැටුම්කාරී වාතාවරණය මත බොහෝ රටවල් මේ වන විට යුක්‍රේනයේ වෙසෙන එම රටවල වැසියන්ට ඉවත්වන ලෙස දැනුම් දී තිබේ.

කෙසේවෙතත් යුක්‍රේනයේ තුළ මේ වන විට ශ්‍රී ලාංකිකයින් හතළිස් දෙනකු පමණ සිටින අතර ඉන් හත්දෙනකු සිසුන් බව විදේශ කටයුතු  අමාත්‍යාංශය සඳහන් කළේය.

එම ශ්‍රී ලාංකිකයින් මේ වන විට කිසිදු ගැටලුවකින් තොරව එරට තුළ රැඳී සිටින බව එම අමාත්‍යාංශය පැවසීය.

යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නොමැති වුවද තුර්කියේ අන්කාරා හි පිහිටි තානාපති කාර්යාලය හරහා එම කටයුතු මේ වන විට සිදුකෙරේ.

ඒ අනුව හදිසි තත්වයක් ඇති වුව හොත් එම ශ්‍රී ලාංකිකයින් ඉවත් කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?