යුක්රේනයේ බලාගාර දෙකකට රොකට් ප්‍රහාරවලින් හානි

රුසියානු හමුදා විසින් පාලනය කරනු ලබන යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ කොටසක තාප බලාගාර දෙකකට යුක්රේන හමුදාව විසින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රුසියාව පවසනවා.

මෙම ප්‍රහාරවලින් බලාගාරවලට දැඩි හානි සිදු වූ බවයි රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ.

ලැබී ඇති තොරතුරුවලට අනුව රොකට් ප්‍රහාර හමුවේ එම ස්ථානයේ සිටි ඇතැම් පුද්ගලයින් තුවාල ලබා ඇති බව ද සඳහන්.

හානියට පත් එක් බලාගාරයක බලාගාරයේ සුන්බුන් අතර පුද්ගලයන් දෙදෙනෙකු සිරවී සිටින බවට ද රුසියාව වාර්තා කරන අතර බහුවිධ රොකට් ප්‍රහාර පද්ධතියක් භාවිතා කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.

යුක්රේනයේ රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර සඳහා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ වගකීම භාර නොගන්නා යුක්‍රේනයෙන් මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14