spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ බලාගාර දෙකකට රොකට් ප්‍රහාරවලින් හානි

රුසියානු හමුදා විසින් පාලනය කරනු ලබන යුක්රේනයේ ඩොනෙට්ස්ක් කලාපයේ කොටසක තාප බලාගාර දෙකකට යුක්රේන හමුදාව විසින් රොකට් ප්‍රහාරයක් එල්ල කර ඇතැයි රුසියාව පවසනවා.

මෙම ප්‍රහාරවලින් බලාගාරවලට දැඩි හානි සිදු වූ බවයි රුසියාවේ රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය ප්‍රකාශ කළේ.

ලැබී ඇති තොරතුරුවලට අනුව රොකට් ප්‍රහාර හමුවේ එම ස්ථානයේ සිටි ඇතැම් පුද්ගලයින් තුවාල ලබා ඇති බව ද සඳහන්.

හානියට පත් එක් බලාගාරයක බලාගාරයේ සුන්බුන් අතර පුද්ගලයන් දෙදෙනෙකු සිරවී සිටින බවට ද රුසියාව වාර්තා කරන අතර බහුවිධ රොකට් ප්‍රහාර පද්ධතියක් භාවිතා කරමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවටයි ඔවුන් වැඩිදුරටත් කියාසිටියේ.

යුක්රේනයේ රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශයට එල්ල වූ ප්‍රහාර සඳහා කිසිදු අවස්ථාවක ප්‍රසිද්ධියේ වගකීම භාර නොගන්නා යුක්‍රේනයෙන් මේ පිළිබඳ මෙතෙක් ප්‍රකාශයක් ලැබී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?