යුක්රේනයේ ප්‍රබල ප්‍රහාරක ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට

යුක්රේනයේ කීර්තිමත් ප්‍රහාරක ගුවන් නියමුවෙකු සහ තවත් ගුවන් භටයන් දෙදෙනෙකු ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

Andrii Pilshchykov නම් ගුවන් නියමුවා රුසියානු ආක්‍රමණයේ මුල් අවධියේදී ගුවන් මෙහෙයුම්වලට සහභාගී වෙමින් කීර්තියක් දිනා ගත් අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන හමුදාව මෙම ගුවන් භටයින්ගේ මරණ තමන්ට වේදනාකාරී සහ ආපසු හැරවිය නොහැකි පාඩුවක් ලෙසට හැඳින්වූ අතර, “විශාල දැනුමක් සහ දක්ෂතා රැසක් ඇති ගුවන් නියමුවෙකු ලෙස Pilshchykovට උපහාර දක්වා තිබෙනවා.

උතුරු යුක්රේනයට ඉහළින් පියාසර කරමින් තිබූ L-39 පුහුණු ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.

මෙම යානා ගමන් ආරම්භයට පෙර පියාසැරි සූදානම් කිරීමේ නීති නිවැරදිව අනුගමනය නොකළේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

ජනාධිපති Volodymyr Zelensky ද මෙම මරණ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ යුක්රේනයේ නිදහස් අහස ආරක්ෂා කළ කිසිවෙකු කිසිදා අමතක නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14