spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ ප්‍රබල ප්‍රහාරක ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට

යුක්රේනයේ කීර්තිමත් ප්‍රහාරක ගුවන් නියමුවෙකු සහ තවත් ගුවන් භටයන් දෙදෙනෙකු ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා.

Andrii Pilshchykov නම් ගුවන් නියමුවා රුසියානු ආක්‍රමණයේ මුල් අවධියේදී ගුවන් මෙහෙයුම්වලට සහභාගී වෙමින් කීර්තියක් දිනා ගත් අයෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්රේන හමුදාව මෙම ගුවන් භටයින්ගේ මරණ තමන්ට වේදනාකාරී සහ ආපසු හැරවිය නොහැකි පාඩුවක් ලෙසට හැඳින්වූ අතර, “විශාල දැනුමක් සහ දක්ෂතා රැසක් ඇති ගුවන් නියමුවෙකු ලෙස Pilshchykovට උපහාර දක්වා තිබෙනවා.

උතුරු යුක්රේනයට ඉහළින් පියාසර කරමින් තිබූ L-39 පුහුණු ගුවන් යානා දෙකක් මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.

මෙම යානා ගමන් ආරම්භයට පෙර පියාසැරි සූදානම් කිරීමේ නීති නිවැරදිව අනුගමනය නොකළේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ද ක්‍රියාත්මකයි.

ජනාධිපති Volodymyr Zelensky ද මෙම මරණ සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ යුක්රේනයේ නිදහස් අහස ආරක්ෂා කළ කිසිවෙකු කිසිදා අමතක නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?