spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

යුක්රේනයේ ප්‍රධාන නගරයක බලය රුසියාව යටතට

නැගෙනහිර යුක්රේනයේ ලුණු කැණීම් නගරයක් වන සොලෙඩාර් හි පාලනය තමන් සතුකර ගත් බව රුසියාව පවසනවා.

දැඩි සටන් මැද බෝම්බ හෙලීමේ කේන්ද්‍රස්ථානය ද වූ මෙම නගරය අල්ලා ගත් බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

නිරිත දෙසින් පිහිටි විශාල නගරයක් වන බක්මුට් වෙත යුක්රේනයෙන් සිදු කෙරෙන සැපයුම් මාර්ග කපා හැර ඉතිරි යුක්රේන හමුදා එහි කොටු කර ගැනීමට මෙමගින් හැකි වනු ඇති බවට රුසියාව විශ්වාසය පළ කරනවා.

කෙසේවෙතත් යුක්රේනය ප්‍රකාශ කළේ සටන් වලින් පසුවත් තම හමුදා සොලෙඩාර් හි තවමත් රැඳී සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?