යුක්රේනයේ ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීම්

රුසියාව සමඟ පවතින යුද්ධය හේතුවෙන් යුක්රේනයේ නගර දෙකක ප්‍රධාන ඓතිහාසික ස්ථාන විනාශ වීමේ අවදානමකට ලක්ව ඇති බව යුනෙස්කෝ සංවිධානය පවසනවා.

ඒ අතරට Kyiv අගනුවර පිහිටි ශාන්ත සොෆියා ආසන දෙව්මැදුර සහ නගරයේ Kyiv-Pechersk Lavra ආරාම භූමියේ මධ්‍යතන යුගයේ ගොඩනැගිලි ඇතුළත්.

බටහිර Lviv නගරයේ ඓතිහාසික මධ්‍යස්ථානය ද යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ද ඇතුළත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම යුනෙස්කෝ සංවිධානය කියා සිටියේ යුක්රේනයේ ලෝක උරුම කමිටුව මෙම දේපලවල විශ්වීය වටිනාකම ආරක්ෂා කිරීම සඳහා ප්‍රශස්ත කොන්දේසි සපුරා නොමැති බවයි.

යුද්ධය හේතුවෙන් සිදුවිය හැකි අනතුරකින් එය තර්ජනයට ලක්ව ඇති බව තම සංවිධානය නිගමනය කර ඇති බවයි ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ.

කියෙව්හි ශාන්ත සොෆියා ආසන දෙව්මැදුරට මෙතෙක් බලපෑමක් සිදුවී නැහැ.

මේවාට වන හානිය වැළැක්වීම සඳහා තම සන්නද්ධ හමුදා අවශ්‍ය පූර්වාරක්ෂාවන් ගන්නා බවට රුසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහතික වී තිබෙනවා.

අනතුරුදායක ලැයිස්තුවට නවතම එක් කිරීම් වාර්තා වන්නේ යුක්රේන වරාය නගරයක් වන ඔඩේසා ජනවාරි මාසයේදී එකතු කිරීමෙන් පසුවයි.

කළු මුහුද හරහා ලොවට ධාන්‍ය අපනයනය කිරීමට ඉඩ සලසන ගනුදෙනුව බිඳ වැටීමෙන් පසු මෑත මාසවලදී ඔඩේසා රුසියාවේ දැඩි බෝම්බ ප්‍රහාරයකට ලක් වුණා.

රුසියාව යුක්රේනයට බෝම්බ හෙලීම යුනෙස්කෝ සංවිධානයේ විවේචනයට ද ලක් වූ අතර ජුලි මාසයේදී, Lviv හි ඓතිහාසික පැරණි නගරයෙන් පිටත ගොඩනැගිල්ලකට බෝම්බ හෙලීම ද හෙළා දැක තිබෙනවා.

නගරය මධ්‍යතන යුගයේ ආරම්භ කරන ලද අතර 13 වන සියවසේ සිට 20 වන සියවස දක්වා පරිපාලන, ආගමික සහ වාණිජ මධ්‍යස්ථානයක් ලෙස එහි වාස්තු විද්‍යාත්මක හා සංස්කෘතික උරුමයන් බොහොමයක් පවත්වා ගෙන ගොස් ඇතැයි සඳහන්. එය 1998 වසරේදීයි ලෝක උරුම ලැයිස්තුවට එක් කරනු ලැබුවේ.

ශාන්ත සොෆියා ආසන දෙව්මැදුර 11 වන සියවසේ ඉදිකරන ලද අතර, එවකට කොන්ස්තන්තිනෝපල්හි කොටසක් වූ නූතන තුර්කියේ Hagia Sophia සමඟ තරඟ කිරීමට සැලසුම් කර ඉදි කරනු ලැබූ එකක්.

එය එම යුගයේ සිට ඉතිරිව ඇති ගොඩනැගිලි කිහිපයෙන් එකක් ලෙසටයි සැලකෙන්නේ.

යුනෙස්කෝ හි අනතුරුදායක ලැයිස්තුවේ දැනට මෙවැනි දේපල 50 කට වඩා පවතිනවා. අවදානමට ලක්ව ඇති අනෙකුත් ස්ථාන අතර පැරණි ජෙරුසලම් නගරය, වියානාහි ඓතිහාසික මධ්‍යස්ථානය සහ ඉන්දුනීසියානු සුමාත්‍රා දූපතේ නිවර්තන වැසි වනාන්තර ද ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39