යුක්රේනයට මිසයිල ප්‍රහාර මාලාවක් – 12ක් මරුට

රුසියාවේ ආරක්ෂක අංශ විසින් යුක්රේනය ඉලක්ක කර නව ප්‍රහාර මාලාවක් එල්ලකර තිබෙනවා.

යුක්රේනය පුරා පිහිටි බලශක්ති මර්මස්ථාන ඉලක්කර කර මිසයිල ප්‍රහාර එල්ලවී ඇති අතර Dnipro නගරයේ තට්ටු නවයකින් යුත් මහල් ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් 12 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර යුක්රේනයේ Dnipro වෙත එල්ලවූ ප්‍රහාරයෙන් පසු ආපදාවට පත්වූවන් සොයා සහන කණ්ඩායම් රාත්‍රිය පුරා මෙහෙයුම් සිදු කරන අතර ප්‍රාදේශීය නිලධාරීන් පවසන්නේ සුන්බුන් අතර මිනිසුන් තවමත් ජීවතුන් අතර සිටින බවයි.

රුසියානු ප්‍රහාර Kyiv සහ අනෙකුත් ස්ථානවල තීරනාත්මක මර්මස්ථාන වෙත එල්ල වී ඇති අතර, යුක්රේනයේ බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ ශීත සෘතුවේදී විදුලිය සැපයීම, ජල සැපයුම සැපයීම ඉදිරි දින කිහිපයේදී දුෂ්කර වනු ඇති බවයි.

ජනාධිපති Volodymyr Zelenskiy පැවසුවේ Dnipro හි මහල් නිවාසවලට එල්ලවූ ප්‍රහාරයෙන් මියගිය අයගේ සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි.

සෙලෙන්ස්කිගේ කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී Kyrylo Tymoshenko පැවසුවේ ගොඩනැගිල්ලේ සිටි 37 දෙනෙකු බේරාගෙන ඇති අතර 64 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

රුසියානු ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලේ දෙවන මහලේ සිට නවවන මහල කඩා වැටී ඇති බව සඳහන්.

යුක්රේනයේ එක්සත් ජනපද තානාපති බ්‍රිජට් බ්‍රින්ක් සහ අනෙක් විදෙස් නියෝජිතයන් ද සෙනසුරාදා එල්ල වූ මෙම රුසියානු ප්‍රහාර හෙළා දැක තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14