“යුක්ති” මෙහෙයුමෙන් 13666ක් අත්අඩංගුවට

යුක්ති මෙහෙයුම ආරම්භ කළ දිනයේ සිට අද අලුයම දක්වා සිදු කළ මෙහෙයුම්වලින් සැකකරුවන් 13666ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන්ගෙන් 717 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරමින් පවතින බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වටලිම්වලදී මේ දක්වා හෙරොයින් කිලෝ 09යි ග්‍රෑම් 82ක්, අයිස් කිලෝ 04යි ග්‍රෑම් 679ක්, ගංජා කිලෝ 272යි ග්‍රෑම් 967ක්, ගංජා පැල 944,651ක්, මාවා කිලෝ 117යි ග්‍රෑම් 312ක්, ඈෂ් කිලෝ 35යි ග්‍රෑම් 752ක්, හෂීෂ් ග්‍රෑම් 989ක්, තූල් කිලෝ 03යි ග්‍රෑම් 154ක්, කුෂ් ග්‍රෑම් 520ක් සහ නීති විරෝධී මත්පෙති 65,924ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම මෙහෙයුමේවලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1097 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතුරින් සැකකරුවන් 1107 දෙනෙකු ද මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වූවන් අතර වනවා.

මේ අතර ඊයේ (23) අලුයම 12.30 සිට අද අලුයම 12.30 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් සැකකරුවන් 84ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවු පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 90දෙනෙකු මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

මෙම පැය 24 තුළදී හෙරොයින් ග්‍රෑම් 607ක්, අයිස් ග්‍රෑම් 381ක්, ගංජා කිලෝ 03යි ග්‍රෑම් 680ක්, ගංජා පැල 162,931ක්, මාවා කිලෝ 01යි ග්‍රෑම් 300ක් සහ මත්පෙති 1,042ක් ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04