‘යුක්තිය’ මෙහෙයුම ගත වූ පැය 24 තුළත් – අපරාධකරුවන් 818ක් අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම් වලින් අපරාධකරුවන් 818ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554ක් සහ අපරාධ අංශ වෙත යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 264ක් ඇතුළත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 554 දෙනා අතරින් එක් සැකකරුවෙක් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 0 ක් පුනරුත්ථාපානය සඳහා යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

මේ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 10ක් ද මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අතරට අයත්.

එමෙන්ම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 264 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටින සැකකරුවන් 25ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 231ක් ද ඇතුළත්.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 05ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක් ද ගත වූ පැය 24 තුළ සිදුකළ මෙම මෙහෙයුම් වලදී අත්අඩංගුවට තිබෙනවා.

එමෙන්ම හෙරොයින් ග්‍රෑම් 159ක්, අයිස් ග්‍රෑම් 112ක්, ගංජා කිලෝග්‍රෑම් 08ක්, ගංජා පැල 4,933ක්, මාවා ග්‍රෑම් 235ක්, මදන මෝදක ග්‍රෑම් 88ක් සහ මත්පෙති 329ක් මෙම මෙහෙයුමේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19
Video thumbnail
සත්‍යග්‍රහය නවත්තන්න කාටවත් බලයක් නෑ..බොරු ප්‍රකාශවලට රැවටෙන්න එපා - මෛත්‍රී සැරටම දෙයි
04:23
Video thumbnail
භික්ෂු සත්‍යග්‍රහයට සහය වෙන්න මෛත්‍රී ගුණරත්න එයි - "බය වෙන්න එපා..මේක තනි කරන්නේ නෑ"
04:01