යුක්තිය මෙහෙයුමේදී කූඹි කැලේ සංජු සහ බූරු ලසන්ත ඇතුලු 3ක් අත්අඩංගුවට

යතුරුපැදිවලින් ගොස් කාන්තාවන් ගෙළ බැඳි රන් මාල කොල්ලකෑම ඇතුලු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුබෝවිල ශීක්ෂණ රෝහලේ පුහුණු වන වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ යතුරුපැදියක් සොරකම් කර එයින් ගොස් රන්මාල කොල්ලකෑම් 12ක් ඇතුළුව කොල්ලකෑම් 16ක් සිදු කළ කූඹිකැලේ සංජු සහ ඔහුගේ ගෝලයෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩංගොඩ පොලිසිය විසින්.

සැකකරුවන් දෙදෙනා විසින් කොල්ලකෑ රන්මාල 12ක්, කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

දොඩංගොඩ පොලිසිය යුක්තිය මෙහෙයුමේ යෙදී සිටියදී සැකකරුවන් දෙදෙනා නාගොඩ ප්‍රදේශයේ කාන්තාවගේ ගෙල බැඳි රන්මාලයක් කොල්ලකා පලායමින් සිටියදී පොලිසිය දැක අතුරු මාර්ගයකට හරවා පලායාමට උත්සාහ දැරීමේදී මාර්ගයේ ඇදවැටී ඇති අතර ප්‍රදේශවාසින්ගේ ද සහායෙනුයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරුවන් පරීක්ෂා කිරීමේදී කොල්ලකෑ රන්මාලය, කොල්ලකෑමට යොදාගත් යතුරුපැදිය, ජංගම දුරකථන දෙකක් සහ හෙරොයින් මත්කුඩු පැකට් කිහිපයක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

සැකකරුවන් මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලබා ගත් රැඳවුම් නියෝග මත සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී කොල්ලකන රන්මාල 12ක් පිළියන්දල සහ බණ්ඩාරගම ප්‍රදේශවලට අඩුමිළට අලෙවි කර තිබියදී සොයා ගැනුණා.

සැකකරුවන් කොල්ලකෑමට භාවිතා කළ යතුරුපැදිය ඉක්මනින් අංක තහඩු වෙනස් කිරීමට හැකි වන ආකාරයෙන් සකස් කර තිබූ බව පොලිසිය ප්‍රකාශ කළා.

සැකකරුවන් කිසියම් මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ වී ඇත්ද යන්න සම්බන්ධයෙන් නැවත ප්‍රශ්න කිරීම සදහා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තවදුරටත් රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත බව සඳහන්.

මෙම සැකකරුවන් දෙදෙනා පානදුර උතුර, පානදුර දකුණ, බණ්ඩාරගම, අළුබෝමුල්ල, හොරණ, මොරොන්තුඩුව වැනි පොලිස් බල ප්‍රදේශ 8ක පමණ කොල්ලකෑම් සිදුකර ඇති බවටයි මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

මෙම සැකකරුවන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල රථගාලේ නවතා තිබූ වෛද්‍ය ශිෂ්‍යයාගේ යතුරුපැදිය සොරකම් කරන ආකාරය මෙන්ම හොරණ සහ මොරොන්තුඩුව ප්‍රදේශවලදී රන්මාල කොල්ලකන ආකාරය ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

මේ අතර කොල්ලකෑම් සහ සොරකම් 20කට පමණ සම්බන්ධ බූරු ලසන්ත නම් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 70ක රන් භාණ්ඩ, ජංගම දුරකථන 7ක් සහ යතුරුපැදියක් සමග පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කළුතර දකුණ පොලිසිය විසින්.

සැකකරු තෙබුවන ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි අයෙක්.

සොරකම් කරන ලද පවුම් 25ක් පමණ බරැති රන්මාල, වලලු, මුදු, අත්පළදනා සහ රන්තැල්ලක් සැකකරුගේ නිවසට යාබද ලඳු කැලෑවක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

සැකකරු ගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ස්ථාන කිහිපයකට රන්භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු වටිනා භාණ්ඩ අලෙවි කර තිබූ බවට තොරතුරු හෙළිවී ඇතැයි සඳහන්.

මෙම සැකකරු පසුගිය දින කිහිපය තුළ නාගොඩ, හීනටියංගල, හිල් වීදිය, අභය මාවත යන ප්‍රදේශවල පිහිටි නිවාස යෝජනා ක්‍රමවල සැරිසරා එම නිවාසවලට ඇතුළුවී සොරකම් රැසක් සිදු කර තිබෙනවා.

සැකකරු අවසාන වශයෙන් කළුතර හීනටියන්ගල ප්‍රදේශයේ ව්‍යාපාරයෙකුගේ නිවසක පිටුපස දොර කඩා ඇතුළු වී එම නිවසේ අල්මාරියේ දමා තිබූ ලක්ෂ හැත්තෑවකට ආසන්න රන් භාණ්ඩ සොරකම් කර ඇති බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

එම රන් භාණ්ඩ ද අලෙවි කිරීම සඳහා නිවස පිටුපස ලද කැලෑවේ සඟවා තිබියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු කිසියම් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධවී ඇත්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීම සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතයි.

මෙම පුද්ගලයා දහවල් කාලයේ නිවාස යෝජනා ක්‍රමයන්වල යතුරුපැදියෙන් පරීක්ෂා කරමින් සිටින ආකාරය ආරක්‍ෂිත කැමරාවල ද සටහන්ව තිබුණා.

මෙම සැකකරු සොරකම් කරන ලද භාණ්ඩ විවිධ ප්‍රදේශවලට අලෙවි කර මුදල් ලබා ගෙන ඇති අතර එම මුදල් සූදු ක්‍රීඩාවට සහ මත්ද්‍රව්‍ය පානය කිරීමට භාවිතා කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වුණ කාලගුණය ගැන ජනතාවට දැනුම්දීමක්..අදත් බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි
02:40
Video thumbnail
වාහන ගමනාගමනය සීමා කළ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව යළි විවෘතවෙයි
00:54
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා රජාංගන, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති ඇයුරු
01:32
Video thumbnail
නිලධාරින්ට කට උත්තර නැතිවෙන්න ජනපති කිව්ව දේ.."ඇයි දුම්රිය දෙපාර්තමේන්තුව අකමැති ?තේරුමක් නෑ"
03:02
Video thumbnail
ජනපති සහ නිලධාරින් අතර උණුසුම් තත්ත්වයක්.."ඔහොම කරන්න බෑනේ..ඔයාලත් යමක් කරන්න"
07:08
Video thumbnail
මිල්ලනියේ 58 හැවිරිදි කතක් බිගිසුණු අයුරින් එළොව යවලා..
00:59
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36