යුක්තිය මෙහෙයුමෙන් සැකකරුවන් 20797ක් අත්අඩංගුවට

ගතවූ දින 14ක කාලය තුළ යුක්තිය මෙහෙයුම මගින් සැකකරුවන් 20797ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඉන් සැකකරුවන් 1018ක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කරන බවයි පොලිසිය නිවේදනය කළේ.

සැකකරුවන් 189 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 1298 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශයේ ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4584 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1625 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

යුක්තිය විශේෂ මෙහෙයුමෙන් මෙතෙක් අත්අඩංගුවට ගත් සම්පූර්ණ මත්ද්‍රව්‍යවල වෙළෙදපල වටිනාකම රුපියල් මිලියන 858ක් බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් තහනමට ගත් දේපළවල වටිනාකම රුපියල් මිලියන 558.5 ඉක්මවා තිබෙනවා.

යුක්තිය මෙහෙයුම සිදුවන අතරවාරයේ මත්ද්‍රව්‍ය පිළිබඳ මහජනතාව පොලිසියට තොරතුරු ලබා දෙමින් සිදු කර ඇති ඇමතුම් සංඛ්‍යාව 10798ක්.

පසුගිය 17 වනදා සිට අද අලුයම 12.30 දක්වා කාලය තුල “යුක්තිය” මෙහෙයුම යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම්වලදී හෙරොයින් කිලෝ 11යි ග්‍රෑම් 600ක්, අයිස් කිලෝ 08යි ග්‍රෑම් 378ක්, ගංජා කිලෝ 297යි ග්‍රෑම් 8ක්, ගංජා පැල 2,110,500ක්, මාවා කිලෝ 119යි ග්‍රෑම් 600ක් සහ ඈෂ් කිලෝ 35යි ග්‍රෑම් 800ක් සොයාගෙන තිබෙනවා.

හෂීෂ් කිලෝ 01යි ග්‍රෑම් 70ක්, තූල් කිලෝ 03යි ග්‍රෑම් 700ක්, කුෂ් ග්‍රෑම් 555ක් සහ මත්පෙති 72,272ක් ද අදාළ කාලය තුළ පොලිස් භාරයට ගනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14