spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

‘යුක්තිය’ මෙහෙයුමෙන් පැය 24ක් තුළ දෙදහසකට වැඩි පිරිසක් අත්අඩංගුවට

පොලිසිය සහ ආරක්ෂක අංශ එක්ව ඊයේ (17) අලුයම සිට ආරම්භ කළ ‘යුක්තිය’ විශේෂ මෙහයුමේ දී පැය 24ක් තුළ සැකකරුවන් 2,121ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් 133 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇති අතර, තවත් සැකකරුවන් 12 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත විමර්ශන සිදුකරන බවයි වාර්තා වුණේ.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටින සැකකරුවන් 116ක් ද මේ අතර වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම මෙහෙයුමේ දී මත්ද්‍රව්‍ය ද විශාල තොගයක් සිය භාරයට ගැනීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?